Colombo Today Local News

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

අරගලකරුවන්ට ජනපති මැදුර හා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට පහසුවී ඇත්තේ කෙටි කාලසීමාවකට සමාජ ජාල අවහිර කරන ලෙස ජනපති හා වැඩබලන ජනපති විදුලි සංදේශ නියාමන කොමිසමට දුන් නියෝගය පැහැර හැරීම නිසා බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දී ඇත.

අරගලකරුවන් ෆේස්බුක් ලයිව් ඇතුළු සමාජජලා මගින් අරගලයට පිරිස් කැදවීඹ නවත්වා දෙන ලෙස ආරක්ෂක ප්‍රධානීන් කළ ඉල්ලීම අනුව මෙම නියෝග ලබාදී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසම එම උපදෙස් නොතකා හැර ඇතැයි අනාවරණය වී තිබේ.

අගමැතිවරයා වැඩබලන ජනපති ලෙසින් හමුදා මූලස්ථානය තුළට ජුලි 13දා විදුලි සංදේශ කොමිසමේ සභාපතිවරයාව වාහනයක් යවා කැදවා තිබිණි. වහාම අදාළ දුරකථන සමාගම් සමග සාකච්ඡා කර සමාජජාලා අවහිර කරන්නැයි නියෝග කර තිබුනේ ආරක්ෂක අංශ කළ ඉල්ලීමටය. වාහනයක් යවා මෙම නිලධාරීන් ගෙන්වාගෙන උපදෙස් දුන්න ද ඒ්වා නොතකා හැරීම නිසා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට පැය පහක කාලයක් තුළ විශාල අරගලකරුවන් පිරිසක් සමාජ ජාලා ඔස්සේ එහි ගෙන්වාගෙන ඇතැයි ආරක්ෂක ප්‍රධානීන් පෙන්වා දී ඇත.

“ඉන්දියාවේ දුම්රිය ගිනි තබමින් මෑත කාලයේ ඇරඹි අගලයකදිත් එරට බලධාරීන් එය පාලනය කළේ ෆෝජී (4G), ත්‍රීජී (3G) කරලයි. අපිත් කෙටි කාලයකට අදාළ ප්‍රදේශවල එවැනි සීමා කරන්න කිසිවෙක් එය නොතකා හැරියා” යැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානින් කිහිපදෙනෙකුට පැවසූහ.

Related posts

හමුදා පාලනයකට මඟ පදන්නා එපා – හිටපු ජනාධිපතිනි ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ඥානසාර හිමි පාර්ලිමේන්තුවට යන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක්

colombotoday

ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ

colombotoday

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ.. ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්‍ෂ 66ක්

Admin

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. නමුත් කොමිසමේ කාට හරි ආරූඩයක් හැදුනද දන්නේ නෑ. විද්දේ පඳුරට වැදුනේ හාවට වගේ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. – ඥානසාර හිමි

colombotoday