Colombo Today Local News

දින අටක් තිස්සේ පීසීආර් යන්ත්‍රයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නෑ. | නුවරඑළිය රෝහලේ පීසීආර් පරීක්ෂණ නවතියි.

නුවරඑළිය රෝහලේ පීසීආර් යන්ත්‍රය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නොමැති වීමෙන් දින අටක් තිස්සේ පීසීආර් පරීක්ෂණ සිදු නොකළ බව මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු පවසයි.

නුවර සහ මාතලේ වුවද පීසීආර් පරික්ෂණ සිදුකිරීමට ඇති පහසුකම් අවම වීමෙන් පරීක්ෂණ නිසි පරිදි සිදු නොකරන බවද මේ වන විට පරීක්ෂා කළ යුතු සාම්පල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවද ඒ හේතුවෙන් වෛරසය ව්‍යාප්තව ඇති අන්දම පිළිබඳව නිසියාකාරව නිගමනය කළ නොහැකි බවද ඔහු කීය.

මහනුවර දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්ති පාලනය කිරීම සඳහා වන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේදී ඔහු මේ බව සදහන් කළේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (10)දින පැවැති මෙම රැස්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල,දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් මද්දුම බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ මහත්වරු ඇතුළු දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පැමිණ සිටියහ.

Related posts

අධිවේගයේ මෝඩකම ප්‍රධර්ශනය කෙරූ හතර දෙනා සහ රියදුරු පොලීසියට කැඳවයි. | සියලු දෙනාටම නඩු

colombotoday

ගල්කිස්ස සමාජ ශාලාවක ගැටුමකින් එක් දරු පියෙක් මරුට

colombotoday

හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

colombotoday

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday