Colombo Today Local News

“දෙමළ/මුස්ලිම් හමුදා බලඇණියක් හදනු.. දෙමළ නිජබිම පිළිගෙන ස්වයංපාලන අයිතිය දෙනු” – බාහු

vickramabahu 23

උතුරු නැගෙනහිර දෙමළ නිජබිම බව පිළිගෙන ස්වයංපාලනයක් ස්ථාපිත කිරීම සදහා නව ව්‍යවස්ථාවෙන් පහසුකම් සැපයිය යුතු බව නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා මහජන අදහස් විමසීමේ කමිටුව වෙත සිය පක්ෂයේ අදහස් ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.

“සමානාත්මතාවය, ස්වපාලනය, සහ ස්වයංතීරණ අයිතිය යන සිද්ධාන්ත මත ව්‍යවස්ථාව සකස් කර උතුරු නැගෙනහිර දෙමළ නිජබිමට ස්වපාලනයක් ලබා දිම මගින් ශක්තිමත් සබඳතාවක් ගොඩ නැගිය යුතු බව පවසන ඔහු මුස්ලිම් ජනතාව නැගෙනහිර වෙනම පාලන කලාපයක් ඉල්ලන්නේ නම ඔවුන් සමග සම්බන්ධවන මුස්ලිම් ජනයාටත් එහි අනියම් පුරවැසිභාවයක් ලැබෙන ආකාරයට මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවක් තිබිය යුතු බවද” ඔහු පවසයි.

දැනට රටේ පවතින හමුදාව තුළ සිංහල ගතියක් පවතින බව සදහන් කරන වික්‍රමබාහු කරුණාරත්න දෙමළ සහ මුස්ලිම් ගතිය ජාතික හමුදාව තුළට ඇතුළත් කළ යුතු බවද පවසයි. හමුදාවේ පවතින සියලු රෙජිමේන්තු සිංහල අණින් පමණක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ඔහු යෝජනා කරන්නේ, අවම වශයෙන් හමුදාව තුළ දෙමළ බසින් ක්‍රියාත්මක වන රෙජිමේන්තුවක් ඇති කළ යුතුවාක් මෙන්ම මුස්ලිම් ජනතාව වෙනුවෙනුත් ඒ අයිතිය ලබා දිය යුතු බවයි.

එම රෙජිමේන්තු සදහා දේශය වෙනුවෙන් සටන් කල ‘සංකිලි’ නමැති අයෙකුගේ හා සිද්ධි ලෙබ්බේගේ නම අතුළත් කිරීම සුදුසු බවටද ඔහු යෝජනා කරයි.

Related posts

කොළඹට එන ICC

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

යහපාලන මාධ්‍ය නිදහස රෙද්දපල්ලෙන් බේරේ – සත්හඩ මාධ්‍යවේදීන් හතර වෙනි තට්ටුවට!!

colombotoday

අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේ

colombotoday

71 හැවිරිදි මව අත්පා ගැට ගසා නිරුවත් කර මරා දාලා

Admin

65ක් සමග මෝදි එයි.. අගමැති රනිල් ගුවන්තොටේදී පිලිගනී (Photo)

colombotoday