Colombo Today Local News

මත්තල වී තොග මත්පැන් සමාගමකට විකුණලා! ‘සමාගමේ නම මට මතක නෑ’ – ඇමති හැරිසන්

මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර තිබූ වී මෙට්‍රික් ටොන් 4700 ක පමණ තොගය මද්‍යසාර නිපදවීම සඳහා එක්‌තරා මද්‍යසාර සමාගමකට විකුණා දමා ඇතැයි වී අලෙවි මණ්‌ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබියදී වී තොග මෙසේ මද්‍යසාර සමාගමකට අලෙවි කිරීම පිළිබඳව වී අලෙවි මණ්‌ඩලයේ සේවකයන් පවා දැඩි විරෝධය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් මහතාගෙන් “දිවයින” කළ විමසීමේදී මත්තල තිබූ සහල් තොගය පුද්ගලික සමාගමකට කිලෝව රුපියල් 42 බැගින් විකුණා දැමූ බව පැවසීය.

ඒ සඳහා මිල ගණන් කැඳවීමේදී සමාගම් කීපයක්‌ වී කිලෝව රුපියල් 40 බැගින් ඉල්ලා තිබූ අතර එක්‌ සමාගමක්‌ රුපියල් 42 බැගින් ඉල්ලා තිබූ නිසා එම සමාගමට වී තොග ලබාදුන් බව ඇමැතිවරයා පැවසීය.

අදාළ සමාගමේ නම කුමක්‌දැයි දිවයින කළ විමසීමේදී සමාගමේ නම තමාට මතක නැතැයිද සමාගමේ නම වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගෙන් විමසන ලෙසද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගෙන් විමසීමට අවස්‌ථා ගණනාවකදී උත්සාහ කළද ඔහුගේ ජංගම දුරකථනයට පිළිතුරු දීමෙන් දිගින් දිගටම ඔහු වැළකී සිටියේය.

Divaina

Related posts

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

colombotoday

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

colombotoday

“රට ඉදිරියට ගෙන යන වැඩසටහන ජනපති පැමිණි පසු අරඹනවා“ අගමැති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට කියයි

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday

මහනුවර ගණිකා මඩමක් වටලය. තිදෙනෙක් දැලේ

colombotoday