Colombo Today Local News

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

අධිකරණයේ රාජකාරී නියතු පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (2) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ නිශ්ශබ්දතාව සඳහා අධිකරණයට පැමිණ සිටි පිරිස් දැනුවත් කිරීමට නියෝග කර ඇත.

එම අවස්ථාවේ අධිකරණයේ රාජකාරී නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයා විවෘත අධිකරණයේ රැස්ව සිටි මහජනතාව අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් නිශ්ශබ්දව සිටින ලෙස දැනුවත් කර තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු අමතා නිශ්ශබ්ද වන ලෙස ත් අධිකරණ කටයුතු අවසන් නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසට උපදෙස් ලබා දී ඇත.

එම පුද්ගලයා එය ප්‍රතික්ෂේප කරමින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට බැණ වැදී පහරදීමක් සිදු කර නිලධාරියාගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමක් සිදු කර තිබේ.

අධිකරණයේ සිටි පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයේ (2)දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

12 පංතියේ සිසුවා 11 සිසුවාට පිහියෙන් ඇන රෝහලේ…

Admin

DIG ලතීෆ්, STF අණදෙන නිලධාරී තනතුරට පත්කිරීම නීති විරෝධීයි !

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

දෙමළ ඊළම පිහිටුවීමේ පසුබිම සංහිඳියාවේ නාමයෙන් සැකසෙනවා.. ඊට එරෙහිව වන සියළු දෙනා මර්ධනය කරනවා

colombotoday

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday