Colombo Today Local Newsextremism & terrorism activities

උ/නැගෙනහිර වෙනම රාජ්‍යයක්, වතුකරයේ ස්වාධීන කලාපයක් ඕනෑ – විග්නේශ්වරන් රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත.

උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා තිබේ.

එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත.

මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ. එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත.

මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.

– දිවයින

Related posts

කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

colombotoday

“ගිලෙන නැවකට ගොඩ වෙන්න මට පිස්සු නෑ…”

colombotoday

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin

වෛද්‍ය ෂාෆි සම්පූර්ණයෙන් නිර්දෝෂයි… ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්ෂණයක් – ආණ්ඩුකාර සාලි

colombotoday

පාර්ලිමේන්තු PCR වලින් 09 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වෙයි.

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday