Colombo Today Local News

සෞඛ්‍ය ඇමති කෙහෙළිය මහනුවරදී හූ හඬ මැද පැන දුවයි

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 1994 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයට තරග කළේ පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුවෙනි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ඝාතනයට ලක්වූ ගාමිණී දිසානායක මහතාගේ සුවච කීකරු ගෝලයකු වූ ඔහු පොදුජන එක්සත් පෙරමුණ නාමයෝජනා පත්‍රයට නම දෙනු ලැබුවේ අභාවප්‍රාප්ත ගාමිණි දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුවය.

නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා එවක පොදුජන එක්සත් පෙරමුණ මහලේකම් දි.මු. ජයරත්න මහතාට පැවැසුවේ සිය නාමයෝජනාව ඉවත් කරගන්නා බවය.

ඔහුට අවශ්‍යව තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන එක්සත් පෙරමුණු නාමයෝජනා පත්‍රය අහෝසි කොට එක්සත් ජාතික පක්ෂය නිතරගයෙන් ජයග්‍රහණය කරවීමය.

ඒ සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට උපදෙස් ලබා දී තිබූණේද එවක එජාප නායකයා වූ ගාමිණි දිසානායක මහතාය.

එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අභිප්‍රාය සඵල කර ගැනීමට නොහැකි වූයේ පොදුජන එක්සත් පෙරමුණු මහ ලේකම් දි.මු. ජයරත්න මහතාට නාම යෝජනා භාරදීමට පෙරදින ඒ පිළිබඳව තොරතුරු ලැබී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නම වෙනුවට වෙනත් අපේක්ෂකයකුගේ නාමය ඇතුළත් කොට තවත් නාමයෝජනා පත්‍රයක් සකස් කොට එවලේම නාමයෝජනා පත්‍රය ලබාදීම නිසාය.

නාමයෝජනා භාරදීමෙන් පසු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් එළියට ආ පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් දි.මු. ජයරත්න මහතා කෙළෙිය රඹුක්වැල්ල මහතා සිදුකිරීමට ගිය සදාචාර විරෝධී ක්‍රියාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිට මහ හඬින් බැන වදිද්දි ජනතාවට මුහුණ දීමට නොහැකිව කෙහෙළිය රඹුක්වැල්ල මහතා වාහනයක නැගී පිටව ගොස් ඇත්තේ රැස් සිටි ජනතාවගේ හූ හඬ මධ්‍යයේය.

-අරුණ-

Related posts

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday

මහ රැ රහස් පොලිස් මූලස්ථානය අසලට පැමිණි කවුද මේ සුදර්ශන ගුණවර්ධන

colombotoday

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday

කාසියේ වාසිය ඇෆනිස්තානයට

Admin