Colombo Today Local News

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගෑස් පිපිරීම් ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට එම ආයතනයට බලයක් නොමැති බවද එහි සඳහන්ව තිබේ.

මේ අතර කපාට, රේගියුලේටර් සහ නම්‍යශීලී හෝස් සඳහා නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කර ඇති අතර එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වගකීම බව ද එම නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.

Related posts

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

colombotoday

“ගෝඨාභයව ආදර්ශයට ගන්න.. සිහින විකිණීම නවතා වැඩට බසින්න” උදය ආණ්ඩුවට කියයි

colombotoday

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday