Colombo Today Local News

වසර 19කට පෙර කළ අපහාසයට තිලංගට කෝටි දෙකහමාරක් ගෙවන්න අර්ජුනට නියෝග

මීට වසර 19කට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ අපහාසයක් වෙනුවෙන් හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට ඊයේ (17)දින නියෝග කර් ඇත.

අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග හා තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

අර්ජුන රණතුංග කළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාලට අගතියක් හා අපහාසයක් සිදුව ඇති බව කරුණු සලකා බැලීමෙන් තහවුරු වන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කර තිබේ.

ටෙලිකොම් සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරක් දැරීමට තමා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් හිටපු ක්‍රිකට් නායක හා හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග 2003 වසරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට කළ අපහාසය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වූ තිලංග සුමතිපාල ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනා මහාධිකරණය එසේ නියෝග කර තිබේ.

පැමිණිලිකාර තිලංග සුමතිපාල වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන හා තනුජ මීගහවත්ත, විජිත මීගහවත්ත යන නීතිඥවරුන් පෙනී සිට ඇති අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අතුල හේරත් පෙනී සිට ඇත.

Related posts

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

colombotoday

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

colombotoday

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්

Admin

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

colombotoday

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

colombotoday

ලබා දුන් අයි.එම්.එෆ් ණය මුදල ගැන සොයන්න නියෝජිත කණ්ඩායමක් එයි

Admin