Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත තියන්නේ නැහැ කියලා ඔළුවේ අත තියලා දිවුරපු ආණ්ඩුව අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ෆෙඩරල් න්‍යාය පත්‍රයකට පාර කපනවා” යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ‍ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේ ය. පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඊයේ (12) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

මුසම්මිල් මහතා මෙසේ ද පැවසීය. ආණ්ඩුව සූදානම් වෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරන්න. එක පාර්ශ්වයකින් කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නැහැ, ගෙන ආවත් ඒ සඳහා ජනමත විචාරණයක් සඳහා බලපාන ඒවා නමෛයි, ගේන්නේ කියලා. තව පාර්ශ්වයක් කියනවා ජනමත විචාරණයකට බඳුන් වන කාරණ ගේනවා කියලා. මේ වසර තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආණ්ඩුව ගේන්න සූදානම් කියලා නම් පේනවා.

මංගල සමරවීර මහත්තයා කියනවා මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයක් පවත්වනවා කියලා. ඒ වගේම ඔහු ප්‍රකාශ කරනවා විශේෂයෙන් ශ්‍රීලනිප කණ්ඩායමේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයක් තමන්ට ලැබෙයි කියලා ඔහු විශ්වාස කරනවා කියලා.

විමල් වීරවංශ මහත්තයා පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය පිළිබඳ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළා, ජනමත විචාරණයක් තියනවා කියලා… ඒ අනුව සභානායකවරයා නිල වශයෙන් ප්‍රකාශ කළා ජනමත විචාරණයක් ආණ්ඩුව පවත්වන බව. මේකෙන් පැහැදිලියි ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යනවා කියලා.

හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරලා තියෙනවා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා වගන්තිවලින් අත නොතබන බවට මම සහතික වෙමි කියලා. ජනතාවගේ ඔළුවල අත තියලා දිවුරලා සහතික වුණ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට බඳුන්වන කිසිම කාරණාවකට අත තියන්නේ නැහැ කියලා.

දැන් මේ යූඑන්පී ගේන්න හදන ව්‍යවස්ථාව ගැන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර කියනවා ජනමත විචාරණයක් අනිවාර්යයෙන්ම එනවා කියලා. ජනාධිපතිවරයාගේ ස්ථාවරය හා සභානායකවරයාගේ ස්ථාවරය පරස්පර විරෝධීයි.

ඒ වගේම ජාතික හෙළ උරුමය දිවුරලා කිව්වා ඒකීය රාජ්‍ය හෝ ජනමත විචාරණයට බඳුන්වන කිසිදු කාරණාවකට අත තියන්නේ නැහැ කියලා සහතික වුණා. හෙළඋරුමය හා ශ්‍රීලනිප ආණ්ඩු පළුව කියන කතාවද? එහෙම නැත්නම් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියන කතාවද? මේ රටේ ජනතාව පිළිගන්න ඕන.

ජනතාව තේරුම්ගත යුතුයි ‘මේ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ඒමට සූදනම් වෙන්නේ මේ රට ෆෙඩරල්කරණය කිරීමටයි’ කියලා. ඒ වගේම මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා ‘යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමේ යාන්ත්‍රණය සැකසීමට, නව අධිකරණ යාන්ත්‍රණයක් සැකසීමට හා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහසුවක් වනු ඇති’ කියලා. ඒ අනුව ඉතා පැහැදිලියි’ මේ නව ව්‍යවස්ථාව මගින් රට ෆෙඩරල්කරණය කිරීමේ න්‍යාය පත්‍රය් ජිනීවා න්‍යාය පත්‍රයත් ඉදිරියට ගෙන යාමයි ආණ්ඩුවේ උවමනාව.

Related posts

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

සිසුන් මත් කරන පානයක් ඇමැති අනුහසින් කරළියට – තත්ත්ව සහතිකය දීමට සුරාබදු පස්ස ගහයි

colombotoday

ජනපති හමුවට එජාපෙ නොයයි… මහජන උද්ඝෝෂණයක් කැදවයි…

colombotoday

ජනපතිට-අගමැතිට ඇති ලොකුම ප්‍රශ්නය මෙන්න…!

colombotoday

ලංකාව දෙකඩ කරන්න යෝජනා කරන කම්කරු පක්ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් වීදි බසිති…

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin