Colombo Today Local News

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පලවෙනවා. මෙම සාකච්ඡා සදහා මූලිකත්වය ගෙන ඇත්තේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතායි.

දැනටමත් දෙරටට බලපාන කරුණු කිහිපයක් පිළිබඳ මූලික වටයේ සාකච්ඡා සිදු කර අවසන්. ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු සහ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය ද මෙහිදී සාකච්ඡාවට ගෙන ඇත. නිව්යෝර්ක් නුවර පැවති මෙම සාකච්ඡා සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් විශේෂ නියෝජිතයින් පිරිසක් එක්ව ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සඳහන් කළේ ට්‍රම්ප්ගේ ස්ථාවරය සහ ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාවට කිසිදු අවාසිදායක තත්වයක් මෙතෙක් ඇති වී නොමැති බවයි.

Related posts

ගිනිගත් නැවෙන්ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් වෙරළෙන් ඉවත් කරයි

colombotoday

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

පොහොට්ටුවේ 2020 ජනපති අපේක්ෂකයා ගෝඨාභයයි.. ග්‍රීන්කාඩ් පුරවැසිභාවයට ආයුබෝවන් කියා මව් බිමට පාතබයි

colombotoday

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

Admin

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

colombotoday