Colombo Today Local News

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ සෞඛ්‍ය හා පෝෂණය නැවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනෙන් මුදල් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂය බාර නිලධාරියෙකු වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාසල් දරුවන්ගේ පෝෂණ ආහාර සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමේදී නියමිත මුදලට වඩා විශාල වශයෙන් වැඩිපුර ගෙවීම්කර මෙම මුදල් වංචාකර ඇති බව කලාප කාර්යාලය මට්ටමින් සිදුකල පරීක්‍ෂාවකදී හෙළිදරව්වූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.

උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරාගේ නියමයෙන් උතුරු මැද පලාත් විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර මාස දෙකක් වැනි කෙටි කාලයකට අදාලව සිදුකල විමර්ශන වලදී ගෙවීම් කරන ලද චෙක් පත් දෙකකින් පමණක් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් මෙම නිලධාරියා වංචාකර ඇතිබවට එම විගණනයේදී තොරතුරු අනාවරණයවී තිබේ.

මෙම නිලධාරියා 2017 වසරේ සිට 2021 වසරේ අප්‍රියෙල් මාසය අවසානය දක්වා හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙම විෂය බාරව අඛණ්ඩව රාජකාරී කර ඇති බව කියති.

පසුව පොලාන්නරුව අධ්‍යාපන කලාප කාර්යාලය වෙත ස්ථාන මාරුවක් ලබා ගෙන ගොස් ඇත.මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related posts

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

colombotoday

අගමැති බැදුම්කර කොමිසමට එන දා එජාපයෙන් කොළඹ විරෝධතා !

colombotoday

සද්දේ දාල තෙල් අරගෙන තුන්ගුණයක් වැඩි මිලට වික්ක පා පැදියක් පමණක් ඇති පුද්ගලයකු අල්ලයි

colombotoday

අද කොළඹ එන උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක්

colombotoday

විග්නේෂ්වරන් පාළාත්සභාවට ඉඩම් බලතල ඉල්ලයි

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday