Colombo Today Local News

NMRA දත්ත මැකීම : එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක්‍රියාකරුට ඇප

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක්‍රියාකරුට ඇප නියම කර තිබේ.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, අදාළ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින බවය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විමර්ශනවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කර ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Related posts

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

colombotoday

නාවික සෙබළෙකුගේ පා පහර කෑ සිවු මස් ගැබිනියකගේ කලලය විනාශවේ

Admin

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කෙරේ

colombotoday