Colombo Today Local News

අයවැය ප්‍රකාශය : ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක්

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කළේය.

එහි යාවත්කාලීන කිරීම,

  • උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරනවා.
  • විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75ක් සඳහා විදේශ විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙනවා.
  • ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ ද අලුතින් වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.
  • ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා පිහිටුවීමට ආයතනයක් පිහිටුවනවා. ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරනවා.
  • රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන්කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම නිසා ගැලපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා.
  • බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කරන අතර ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතුයි.

Related posts

“ජනාධිපති තානාපති ධූරයක් දෙන්න හැදුවා. මම එපා කිවුවා.” අසාද් සාලි කියයි

colombotoday

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

කෙසෙල්වත්ත පවාස් ඝාතනය : සැකකරුවන් හතරක් අල්ලයි

colombotoday

ජනපතිට යාපනය අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

ගෝඨාබය රාජපක්ෂ යලි දිවයිනට

colombotoday