Colombo Today Local News

යුගදනවි පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

යුගදනවි බලාගාරය ගිවිසුමේ කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අදාළ පෙත්සම් අද (12)දින සලකාබැලීම සඳහා බුවනෙක අලුවිහාරේ, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය විසින් මෙම ඉල්ලීම සිදු කළාය.

මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බවය.

Related posts

[Video] “සිංහල ජනතාවට එරෙහිව මත ප්‍රකාශ නොකරනු” – බොදුබලෙන් කාදිනල්ට අවවාද

colombotoday

බලවතෙකුගේ සහයෙන් දුමින්ද සිංගප්පූරුවට.. “යහපාලනේ හෙළුවෙන් දුවන්න යයි“ කැෆේ කිපී මෙසේ කියයි

colombotoday

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

colombotoday