Colombo Today Local News

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය දැනුම්දෙයි

උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය මෙම මස 20 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රවේශ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල පිරිසක් යළි විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි කළ ඉල්ලීම් හේතුවෙන් මෙම පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අයැදුම් පත් යොමු කළ යුතු බවත් එහි සඳහන් වෙයි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් මස පළමු වැනිදා සිට එකොළොස් වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

මැතිවරණය එපා. මෛත්‍රී ගුණරත්නගේ පුතාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

සැමියා පදමට මත් වී නිදි අතරේ මවක් දරුවන් පස් දෙනා කැලේ දමා අසම්මත පෙම සමග ගිහින්. දින දෙකක් දරුවන් හාමතේ

colombotoday

රන්ජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම ගැටළු සහගතයි – වසන්ත සමරසිංහ

colombotoday

මර්ධනීය ඉතිහාසයක් තියෙන නායකයෙක් අද සිහසුන හොබවනවා

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 188කට සීමා වේ

Admin

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට විසිකල තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04ක් මාට්ටු

colombotoday