Colombo Today Local News

ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය හෙට වැඩ භාර ගනී.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂයක එස්.එම්.අයි. කාංචනා සමරකෝන් ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ හෙට(11) දින වැඩ බාරගැනීමට නියමිතය.

මෙම පොලිස් ස්ථානය නව පොලිස් ස්ථානයක් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අතින් එදින විවෘත කිරීමට නියමිතය.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂයක කාංචනා සමරකෝන් කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ උපත ලද අතර කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලදී. 1997 දී කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී ඇති අතර, හලාවත, වව්නියාව, ගම්පහ, මිරිගම, නිට්ටඹුව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ කොට්ඨාශයන්හි සේවය කර ඇත.

ඇගේ ස්වාමිපුරුෂයාද ශ්‍රී ලංකා පොලිසියේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කරනු ලබන අතර, ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

Related posts

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ ගත් තීන්දුව මෙන්න

colombotoday

ආණ්ඩුවේ අවසානය අගහරුවාදී තීරණය වෙයි… එජාප ඇමතිලා කැබිනට් මණ්ඩලය වර්ජනය කරයි

colombotoday

කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්

colombotoday