Colombo Today Local News

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් සිදුකරන ලද විමර්ශනවලට අනුව හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව හඳුනාගෙන ඇති පොලිසියේ 37 දෙනකු සේවයෙන් ඉවත් කිරීම හා පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට තීරණය කර තිබේ.

මෙම 37 දෙනා අතරින් 28 දෙනකුම කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලට හා විවිධ ඒකකවලට අනුයුක්තව රාජකාරියේ නිරත අය බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සියලුම පොලිස් ස්ථාන හා පළාත තුළ ස්ථාපිත ඒකකවල ස්ථානාධිපතිවරුන් විසින් කරන ලද විමර්ශන හා ඔවුන් වෙත ලැබී ඇති තොරතුරු මත පදනම්ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම නිලධාරීන්ගේ නම් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම නිලධාරීන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පසුගියදා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත භාර දී තිබිණි. ඔවුන්ට එල්ල වන මෙම චෝදනා විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණවලට අනුව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට සහ පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇත.

Related posts

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ – මුඟුණුවෙල අනුරුද්ධ හිමි

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්දලු.

colombotoday