Colombo Today Local News

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

හොරොයින් කිලෝ 68 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාතර හක්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර කොට්ඨාස දූෂණ විමර්ශන ඒකකය විසින් අදාළ වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.

පොලීසියට ලද තොරතුරක් මත මෝටර් රථ 02ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ප්‍රවාහනය කරමින් සිටියදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තවත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 48ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ත්‍රීරෝද රථයකින් තවත් පුද්ගලයෙකු පළාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ලංකා ගුරු සංගමයේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අදත්

colombotoday

‘අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි

colombotoday

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මකයි

colombotoday

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday