Colombo Today Local NewsUncategorized

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 25 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

එම නඩුව අද (11)දින අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරු වෙත භාර දුන්නේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අද දින ලබාදුන් ලේඛන අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් ඒවා අධිකරණයට දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව අදාළ නඩුව ඔක්තෝබර් මස 25 වනදා කැඳවීමට ද නියම කළේය.

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක් පමණ වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ගොනු කර තිබේ.

Related posts

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

colombotoday

ඇමති සැප වාහන නැවැත්වීමේ අගමැතිගේ කතාව බොරු.. කෝටි 118 මේවනවිටත් මුදාහැරලා !

colombotoday

කැටගොඩ මන්තී‍්‍ර ධුරයේ දිවිරුම් දෙයි

colombotoday

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

colombotoday

රජයේ ඉඩමක් බලෙන් අල්ලාගත් අයෙක්, පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි.. ගල්වෙඩි දමා පුපුරවාහරී

colombotoday