Colombo Today Local News

“යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරිකළයට හිරුණිකා ගොම දැම්මා” – රන්ජන්

ranjanදෙමටගොඩදී තරුණයෙක්‌ පැහැරගෙන යැමේ සිද්ධියට හිරුණිකා සම්බන්ධ බව මුළු රටම දන්නවා. ඒත් පොලිසිය එයාව අත්අඩංගුවට ගන්නෙ නැහැ. පොලිසිය දේශපාලනඥයන්ට තාමත් බයයි. යහපාලන ආණ්‌ඩුව දොවා ගත්ත කිරි කළයට හිරුණිකා ගොම එකතු කළා යෑයි රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ‘දිවයින’ට ඊයේ (07 වැනිදා) කියා සිටියේය. රන්ජන් රාමනායක මහතා මේ බව කිය සිටියේ දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි යන්න පිළිබඳව විමසීමකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාමනායක මහතා මෙසේ ද කියා සිටියේය.

යහපාලන ආණ්‌ඩුව හදන්න අපි ගොඩක්‌ වෙහෙසුණා. ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමෙන් කටයුතු කළා.

එදා දේශපාලන වේදිකාවෙදි හිරුණිකා සුදුවෑන්වලට විරුද්ධව කෑගැසුවා. ඒත් බලයට ආවට පස්‌සෙ එයාලා කළු ඩිෙµන්ඩර් දාලා මිනිස්‌සු අරගෙන යනවා.

මේක වැරදි වැඩක්‌. වරදක්‌ කළා නම් රන්ජන් රාමනායක වුණත් අත්අඩංගුවට ගන්න ඕනේ. මේ පැහැර ගැනීම වෙන අහිංසක මිනිහෙක්‌ කළා නම් ඒ මිනිහා මෙලහකට හිරෙත් ගිහිල්ලා.

පසුගිය ආණ්‌ඩුව කාලේ පොලිසිය දේශපාලනඥයන්ට පුදුම බයක්‌ දැක්‌වූවා. ඒ බය තවමත් පොලිස්‌ නිලධාරීන්ගෙන් මැකී ගිහින් නැහැ.

යහපාලන ආණ්‌ඩුව යටතේ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. වරදක්‌ කළා නම් පාර්ලිමේන්තු මන්ත්‍රි, ඇමැති කියලා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. එහෙම වුණොත් අපි දුක්‌ මහන්සියෙන් ගොඩනගපු යහපාලනයෙන් වැඩක්‌ නැහැ.

හිරුණිකාගේ ආරක්‌ෂකයො එයාගෙ ඩිෙµන්ඩර් එකෙන් ගිහින් තරුණයෙක්‌ පැහැරගත්ත හැටි මුළු රටම සී. සී. ටී. වී. කැමරාවලින් දැක්‌කා. පොඩි දරුවෙක්‌ අධිකරණයේ සාක්‌කි දුන්නා. හිරුණිකා මේ තරුණයාට තර්ජනය කළා කියලා. ඒත් පොලිසිය කියනවා හිරුණිකා අල්ලන්න සාක්‌ෂි නැහැ කියලා. මේක මහ ලැඡ්ජා නැති වැඩක්‌. හිරුණිකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා යහපාලන ආණ්‌ඩුවට වෙච්ච කැළල සදාකාලික එකක්‌ වෙනවා” යෑයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday

මැදවච්චියේ දෙදරු මවක් දියණියගේ පාසල ඉදිරිපිටදී පියා කපා කොටා ඝාතනය කරයි.

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

අමිත් වීරසිංහ රිමාන්ඩ්

colombotoday

සජබ මන්ත්‍රීවරු පොහොර ඉල්ලා වෙලට බහී

colombotoday