Colombo Today Local News

පාසල් සිසුනගේ දිවා ආහාරයට අමතර රුපියල් බිලියන 4ක්

පාසල් සිසුනගේ දිවා ආහාරය ලබාදීමට අමතර රුපියල් බිලියන 4ක් වැය කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

ඒ අනුව, දැනට දිවා ආහාරය ලබා දෙන පාසල් සිසුන් පිරිසට අමතරව තවත් පාසල් සිසුන් මිලියනයකට සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට රජය කටයුතු කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළේය.

ඊට අවශ්‍ය අරමුදල් විදේශීය ප්‍රදානයන් මගින් සලසා ගැනීමට කටයුතු කරන බව ද ඊට අමතරව රජය මගින් ද මේ සඳහා ප්‍රතිපාදන වෙන්කර අදාළ කටයුතු ක්‍රියාත්මක කරන බවද ඊයේ (4)දින පැවති කැබිනට් තීන්දු ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

Related posts

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

colombotoday

නාලක සිල්වා නැවතත් ඇතුලට…

colombotoday

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

පැල් රැකලා එමින් සිටි පුද්ගලයෙක් වන අලියා බිලි ගනී

Admin

රමළාන් දින දේශනා පැවැත්වීමට තබ්ලිග් පුජකයන් තෝරාගෙන. | සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විරෝධය දක්වයි.

colombotoday