Colombo Today Local News

මහ කන්නයේ බඩඉරිඟු වගාවට දිස්ත්‍රික්ක 3 කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ…

දිස්ත්‍රික්ක 3 කට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක පළමු තොගය මහ කන්නයේ බඩඉරිඟු වගාව වෙනුවෙන් බෙදා හැරි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මොණරාගල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක 3කට යූරියා බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත කොමර්ෂල් පොහොර සමාගම විසිනි.

මේ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, ඇතිමලේ හා දඹගල්ල ප්‍රදේශවල බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රදේශයට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, ගලෙන්බිඳුණුවැව හා යකල්ල ප්‍රදේශවලට යූරියා මෙට්‍රික් ටොන් 75,000ක් ද වශයෙන් මේ වනවිට බෙදා හැර ඇතැයි සඳහන් වේ.

Related posts

නිරිතදිග මෝසම් සක්‍රීයයි. දිස්ත්‍රික්ක 11කට තද වැසි

colombotoday

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

colombotoday

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ටත් LTTE ඩයස්පොරා ප්‍රහාරයක් !

colombotoday

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වෙයි

Admin

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

colombotoday