Colombo Today Local News

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වෙයි

මෙවර මහ කන්නයේ හෙක්ටෙයාර් එකකට ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.1ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

2021 මහ කන්නයට පෙර මෙරටින් හෙක්ටයාර් එකකින් ලද වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4.1 සිට 4.5 දක්වා ඉහළ මට්ටමක පැවති බව සඳහන්.

එමෙන්ම රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග 2021 මහ කන්නයේ හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2.1ක් දක්වා තවදුරටත් පහත වැටුණි.

කෙසේ වෙතත් 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ලබා දීමට රජය ගත් තීරණයත් සමග මෙරට හෙක්ටයාර් එකකට ලැබෙන වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3.1ක් දක්වා ඉහළ ගිය බව එම අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරන්නේ, මෙරට සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා එම වී ප්‍රමණවත් නොවන බවයි .

මේ හේතුවෙන් මෙරට වී වගාව සම්බන්ධයෙන් දස අවුරුදු සැලැස්මක් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

ඒ අනුව ඉදිරි වසර 03 තුළ හෙක්ටයාර් එකකට ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 4.5 දක්වාත්, වසර 05ක් තුළ මෙට්‍රික් ටොන් 5.2 දක්වාත් වසර 10ක් තුළ මෙට්‍රික් ටොන් 5.5 දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

Related posts

නවසීලන්ත අගමැති එයි

colombotoday

නීතීඥ සහාය නොමැතිව විමල් විරවංශ අධිකරණයේ කරුණු දක්වයි

colombotoday

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday

ඥාණසාර හිමිගේ මතවාදවලට මාත් එකගයි.. මට සමාවෙන්න ! – එස්.බී. මහ නාහිමියන්ගෙන් සමාව ගනී

colombotoday

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරල තියන්නේ.. අපිත් එසේ කළ යුතුයි

colombotoday