Colombo Today Local News

මත්ද්‍රව්‍ය නඩුවකට හිටපු නාවික හමුදාපතිගෙන් සාක්ෂි විමසයි

2019 වසරේ උතුරු මුහුදු තීරයේදී යාත්‍රාවකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 196ක් රට තුළට ගෙනඒමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ප්‍රියාල් ද සිල්වා මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි සටහන් කරගැනීම අද (11)දින සිදු කර තිබේ.

අදාළ නඩුව විභාගකරන ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම සාක්ෂි සටහන් කරගැනීම සිදු කර ඇත.

මෙහි දී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් හිටපු නාවික හමුදාපතිවරයා, උතුරු මුහුදු තීරයට මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු යාත්‍රාවක් පැමිණෙන බවට එවක පොලිස්පතිවරයා විසින් තමාට තොරතුරු ලබාදුන් බව සඳහන් කර තිබේ.

ඉන් අනතුරුව ඊට අදාළව වැඩි වර්ධනය කළ බුද්ධි තොරතුරක් ලැබුණු බව සඳහන් කළ සාක්ෂිකරු ඉන්පසුව උතුරු මුහුදේ තිබු සාගර නෞකාව යොදවා අදාළ සැකකටයුතු යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නාවික හමුදා භාරයට ගත් බව ඔහු පවසා ඇති අතර පසුව අදාළ සැකකටයුතු යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් ත්‍රිකුණාමලය වරායට රැගෙන ආ බවත් සාක්ෂිකරු සඳහන් කර තිබේ.

Related posts

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ලංගමට නව සභාපතිවරයෙක්

Admin

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

සිරකරුවන් 101ට හෙට නිවාස නිවාඩු

colombotoday

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ සිටි ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

colombotoday

ගුවන්සේවා 4 ක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා | ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් දිවයිනට

colombotoday