Colombo Today Local News

ජොනී ඇතුළු තුනකට අධි චෝදනා භාර දෙයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 5‍9කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (10)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදුකෙරුණි.

Related posts

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පොලිස් අත්අඩංගුවට

colombotoday

බැඳුම්කර මගඩියෙන් මහපොළ අරමුදලේ මිලියන 440 කට විදලා…

colombotoday

ඉතියෝපියාව වගේ ජනතාව සීයට 80ක් ලෙඩ වෙන්න යනවා. යහපාලනය බොරු බයිලා ගහනවා. ක්‍රිෂාන් රමසුන්දරම්

colombotoday

සාලිය ද? කුවේරා ද? තීන්දුව අනිද්දා. වැඩි වාසි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට

colombotoday

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

colombotoday