Colombo Today Local News

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 7500 දෙනකුට උසස් විම් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය මත මෙම උසස්වීම් ලබාදී ඇති බව හෙතෙම පවසයි.

යුද හමුදාවේ 73 වන සංවත්සරය සහ යුධ හමුදා දිනය අද (10) දිනට යෙදී තිබිණි.

උසස්වීම් ලද මෙම පිරිස අතර නිලධාරීන් 372 දෙදෙනෙකුත් සහ සෙසු නිලයන් 7127 පිරිසක් සිටින බව යුද හමුදා ප්‍රකාශකවරයා කීය..

උසස්වීම් ලද නිලධාරීන් අතර යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 28 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 35 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු මේජර් නිලයත්, ලුතිතන් නිලයේ නිලධාරීන් 63 දෙනෙකු කපිතන් නිලයටත්, සහ දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 93 දෙනෙකු ලුතිතන් නිලයටත් වශයෙන් මෙම උසස් වීම් සිදු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

හිස්බුල්ලා, බදියුදීන්, සාලි ඉවත් කරනු… රතන හිමියෝ දළදා මාළිගය අභියස උපවාසයේ… ජනපතිට තීරණාත්මක ලිපියක් !

colombotoday

රංජන්ගේ ශාලාවේ මිනී මරුවෙකු, චන්ද්‍රපුෂ්පගේ ගෝලයෝ, කලු තුෂාර ඉන්නවා.. ඔහුගේ ජීවිතය අනතුරු දායක තැනක – දිලිප් කියයි

colombotoday

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

colombotoday