Colombo Today Local News

‘දැවැන්ත බෞද්ධ සංහාරයක් එනවා’ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අනතුරු අගවයි

ctbවර්තමානයේ සිදුවන කරුණු කාරණා අනුව දැවැන්ත බෞද්ධ මර්ධනයක් සිදුවනු ඇති බව ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය පවසයි.

එහි මාධ්‍ය සම්බන්ධීකාරක රංජිත්ද සොයිසා මහතා විසින් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ට සියළු මහජන නියෝජිතයින්ටද පිටපත් සිහිතව යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.

එම සම්පුර්ණ ලේඛණය මෙහි වෙයි.

මහානායක හිමිවරුනි,

ඔබ වහන්සේලාගේද පූර්ව ආශිර්වාදයෙන් පත්කරගන්නාලද යහපාලන ආණ්ඩුව විසින් ඉතා භයංකාරලෙස ඉතිහාසයේ කෙදිනකවත් නොවුනුලෙස දේශපාලන පලිගැනීමේ ක්‍රියාවලියක නිරතවෙම්න් ඇතිබව විද්‍යාමානවේ. රටේ සහ ජාතියේ අවාසනාවට යහපාලන රජය මේ දේශපාලන පලිගැනීමේ ක්‍රියාවට මෙලෙස ඉලක්ක කරගෙන ඇත්තේ රට ජාතිය සුරැකීමට දිවි දෙවෙනිකොට කැපවුනු වීරෝධාර රණ්විරුවන්ට එරෙහිවවේ.

ආසන්නනම ඉලක්කය ලෙස තෝරාගෙන ඇත්තේ වරක් ඔබවහන්සේලාම විසින්ම 2010 මැයි මස 23 දින මහනුවර මගුල් මඩුවේදී ස්තූති ස්ත්‍රෝත්‍රපත්‍රයෙන් පිදුම්දෙන ලද්දාවූ, ඒ අසමසම අභීත මානුෂික මෙහෙයුම මෙහෙයවා වසර තිහක් පැවති මිලේච්ඡ LTTE ත්‍රස්ථවාදය පරදා ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියල්ලටම මරන භයින් තොරව ජීවත් වීමටද ලක්ෂ තුනක පමන ජනතාවකින් සැදි මිනිස් පලිහක් ඉන් මුදවාලූද විජයග්‍රහනය කළමනාකරණයේ නියමුවාවූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් බව ඔබ වහන්සේලා නොදන්නවා විය නොහැක.

LTTE ත්‍රස්ථවාදීන්ගේ අනුගාමිකයන් සහ මෙහෙයවූවන් හට දෙනලද පොරොන්දුවක් ඉටුකරනු වස් ඇවන්ගාඩ් නම් ආයතනයක් මුල්කරගෙන ගෝඨාභය මැතිඳුන් අත් අඩංගුවට ගැනීමට සියලුම කටයුතු සම්පාදනය කරමින් ඇතිබව පලවන්නාවූ ප්‍රවෘති මගින් තහවුරු වෙමින් ඇත. ඇවන්ගාඩ් සමාගමේ ක්‍රියාවලිය නිත්‍යානුකූලබව වත්මන් නීතිපති තුමන් විසින් සහ වත්මන් යහපාලන රජයේම ප්‍රභල ඇමතිවරුන්වූ කීර්තිමත් ජනාධිපති අධිනීතිඥ වරුන් දෙදෙනෙක් විසින්ද තහවුරු කොට ඇත.

ඇවන්ගාඩ් යනු එසේ නිත්‍යානුකූලවූද, විශ්‍රාමික රනවිරුවන් හයදහසකට වැඩි ප්‍රමාණයකට රැකියා සැපයුවාවූද, මැදපෙරදිග ශ්‍රමිකයින්ගෙන් පසුව ශ්‍රම බලකායක් විසින් රටට වැඩිමවූ ආදායමක් ගෙනදුන්නාවූද, මුහුදු කොල්ලකරුවන් මඩිමින් ජාත්‍යන්තරයේ ජය කෙහෙලි නැංවූවාවූද, ලෝකයේම ආයතන කිහිපයකට පමනක් සීමාවූද අති සංකීර්ණ දැවැන්ත ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය මේ වනවිට රටට අහිමිව ගොස් ඇති අතර දේශපාලන හස්තයක් සහ අවිචාරී ලෙස ජනමනස හසුරුවන්නේ යැයි පිලිගැනීමක් ඇති ආයතනයක හිමිකරුවෙකු විසින් මෙම ව්‍යාපාරය තම ග්‍රහණයට නතුකර ගැනීමට පිඹුරුපත් සකසන්නේ යැයි පුවතක්ද ප්‍රචාරය විය.

88-89 භීෂණ සමයේදී දකුනේ හැටදසක පමන ජීවිත අහිමිවූ බවද ඔවුන් සියල්ලම සිංහලයින් සහ සියයට අනූනමයක්ම බෞද්ධයින් බවත් ඒ අතර කීර්තිධර සංඝයා වගන්සේලාගේ සිට සාමනේරයන් වහන්සේලා දක්වා දෙසිය පනහකට ආසන්න සංඛාවක්වූ බව ඔබ වහන්සෙලාට මතක ඇතැයි විස්වාස කරමු. එවන්වූ භීෂණයක් මෙහෙයවූවාවූ දේශපාලන නායකයින්ට එරෙහිව කොමිසමක් මගින් ඳඬුවම් නිර්දේශ කර තිබුනිද එම නිර්දේෂ ක්‍රියාත්මක කිරීම දේශපාලන පලිගැනීමක්ලෙස හුවාදක්වමින් බටහිර රටවලින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වලක්වන ලදී. නමුත් මෙවර මිලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු රනවිරුවන් දඩයම් කිරීම විවිධ දිශාවන් ඔස්සේ ක්‍රියාත්මකවේ.

මේ වනවිට ගෝඨාභය මැතිඳුන් අත් අඩංගුවට ගැනීම වලකනුවස් විවිධවූ සංවිධාන කටයුතු කරමින් ඇත. යම් හෙයකින් ගෝඨාභය මැතිඳුන් අත් අඩංගුවට ගතහොත් ඊට විරුද්ධව වීදි බැසීමට මහ සංගරුවනද පෙල ගැසෙනාකාරයක් විවිධ මාද්‍යය තුලින් පිලිඹිබුවේ. එසේ මහ සංගරුවන පෙරදැරි කොටගෙන ජනතාව මහ මගට බසතොත් වත්මන් යහපාලන රජය එය තිරස්චීනලෙස මැඩලීමට පසුබට නොවනු ඇත. එසේ වුවහොත් නැවත්ත විශාල බෞද්ධ සංහාරයක් මේ ලක් පොලොව මතම සිදුවනු ඇත. එම සංහාරයන් පිලිබඳව මානුෂික අයිතිවාසිකම් පිලිබඳවවූ ආයතන මුනිවත රකිනු ලබන අතර LTTE ලැදි ආයතන, සංවිධාන සහ රටවල් විසින් එකහෙලා අනුමත කරනු ඇත.

එවන්වූ ව්‍යවසනයක් වලකනු පිණිස ඔබවහන්සේලා විසින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූද ඔබවගන්සේලාට මහත්වූ ගෞරවයෙන් පුදදෙන්නාවූද වත්මන් යහපාලන රජයට වහ වහා අනුශාසනා කරනමෙන් ජාති හිතෛශීව, ශාසන ලැදිව ඔබකහන්සේලාගෙන් පාද නමස්කාරයෙන් යුක්තව ඉල්ලාසිටිමු.

මීට

රංජිත් සොයිසා
මාධ්‍ය සම්බන්ධීකාරක
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

පිටපත්: සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත

Related posts

සජිත්ව පරද්දන්න ලුණුගම්වෙහෙර ප්‍රාස සභාපතිටත් පුළුවන්

colombotoday

යෝෂිතට අදත් ඇප නොලැබෙයි.. යළිත් රිමාන්ඩ්!

colombotoday

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉවත්වන්නැයි ඇමැති කියයි

colombotoday

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday

කෝටි හතරකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

colombotoday