Colombo Today Local News

කෝටි හතරකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

රුපියල් කෝටි හතරකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක් තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක මන්නාරම,චාවකට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය කිලෝ හතරක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සංවිධාන අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සි ආර් පාරමුල්ලගේ මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.

Related posts

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

අගමැති සමග ඇතැයි කියන ආරවුල ගැන මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

colombotoday

ඤාණසාර හිමි හිරකරේ ජාත්‍යන්තර මැදිහත්වීමකින්…

colombotoday

පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කරයි

colombotoday

වජිරගෙන් රාජ්‍ය සේවකයන්ට අනියම් බලපෑම්… අගමැතිට පැමිණිළි කරයි

colombotoday

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

colombotoday