Colombo Today Local News

ළමා අපයෝජනයකට සම්බන්ධ පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

ළමා අපයෝජනයක් සම්බන්ධව සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තණමල්විල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී නාලක රණවීරගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අද (10) දින පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබේ.

පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි පක්ෂයේ ලේකම්වරයා අද (10) දින මෙම ලිපිය බාරදී තිබේ.

ආබාධිත දරුවෙකු අපයෝජනයට ලක් කල බවට චෝදනා මත සෙවනගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පස්දෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Related posts

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday

රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම හෙවත් කූඩුවේ සිටින මාරයා ඔඩොක්කුවට ගැනීම

colombotoday

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin

හිරෙන් පනින්න හැදූ කොටි සැකකරුට වෙඩි තැබූ හමුදා නිලධාරියාට සිර දඩුවම්.. ලක්ෂ 20ක වන්දියකුත් ගෙවන්න වෙයි !

colombotoday