Colombo Today Local News

හිටපු ජනපති වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරිය ජනාධිපති කොමිසමට දනුම් දුන් දේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න නොවිමසන ලෙසට දැනුම් දී ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඊයේ (28)දින ජනාධිපති කොමිසමට දැනුම් දුන්නාය.

මේ අතර නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඊයේ හරස් ප්‍රශ්න විමසීම සඳහා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයාට අවස්ථාව හිමිවුණි.

නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 21 වන දිනට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ මේජර් ප්‍රදීප් පයාගල මහතා නිලන්ත ජයවර්ධන මහතාගේ අවධානයට පසුගිය වසරේ මාර්තු 24 දින රාජ්‍ය බුද්ධි සේවය වෙත ලබාදුන් ලිපියක් යොමු කළේය.

එහි සඳහන් වූයේ මීට පෙර කොමිසම හමුවේ අනාවරණය වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයකු වන රිෆ්කාන් බදියුදීන්ගේ සහාය ඇතිව සහරාන් හෂීම් ඉන්දියාවට පලා ගොස් ඇති බවට වූ බුද්ධි තොරතුරය.

නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් මීට පෙර කොමිසම හමුවේ සඳහන් කළේ, යුද හමුදා බුද්ධි සේවය විසින් ලබාදුන් අදාළ තොරතුර ඇතුළත් ලිපියෙහි එක් කොටසක සහරාන් ඉන්දියාවට පළාගොස් ඇති බවත්, තවත් කොටසක සහරාන් මෙරට තුළ රැඳී සිටින බවටත් සඳහන් කර තිබූ නිසා එහි පරස්පරතාවක් මතු වූ බවය.

එමෙන්ම සහරාන් විදෙස්ගතව වූ බවට ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු නොතිබූ බවද නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර සඳහන් කළේය.

“අපි එවූ වාර්තාව සහරාන් පිළිබඳව විමර්ශනයට ඔබට බාධාවක් වුණා කියලද ඔබ හිතන්නේ? ” යනුවෙන් එහිදි නීතීඥ මේජර් ප්‍රදීප් පයාගල මහතා විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ “මට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාගේ වාර්තාව සහරාන් ගැන හොයන්න බාධාවක් වුණේ නැහැ. අනික් කාරණාව තමයි ස්වාමිනී, යුද හමුදා බුද්ධි අංශයට කලින් මට බටහිර බලගතු බුද්ධි අංශයක් තොරතුරු ලබාදුන්නා සහරාන් පිටරටක ඉන්නවා කියල.” යනුවෙනි.

අනතුරුව හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව හිමිවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ නීතීඥවරයාට වන අතර එහි බොහෝ කොටස් මාධ්‍ය නොමැතිව විමසීමට කොමිසම තීරණය කළේය.

ඉන් අනතුරුව කොමිසමේ කටයුතු යළි මාධ්‍යයට විවෘත වූ අතර ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාවක් අවශ්‍ය ද යන්නය.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරිය කියා සිටියේ “මාගේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා තිබෙනවා නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න නොවිමසන ලෙසට ස්වාමිනි” යනුවෙනි.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කළේ වැඩිදුර සාක්ෂි විමසීම සඳහා යළි සැප්තැම්බර් 14 වන දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසය.

Related posts

යහපාලන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. අවි ගණුදෙණු චෝදනාවට උදයංග වීරතුංගගෙන් පිළිතුරු

colombotoday

“යහපාලනයේ ප්‍රථිපල පෙන්වීම දැන් ඇරඹුවා” – ජනපති

colombotoday

හරක් කටාට උදව් කළ තවත් කොස්තාපල්වරයෙක් අල්ලයි – ජරාව කෑ තවත් නිලධාරීන් ගැන පරීක්ෂණ

Admin

කූරගල අනවසර මුස්ලිම් පල්ලියට ඊයේ රාත්‍රියේ හෙන ගහලා

colombotoday

මහින්ද එලවා දැමූ නිසා හොදට ගියා.. ජාතිවාදයට දැන් ඉඩ ඇත්තේම නෑ – හෙළ උරුම සම සභාපති කරූ

colombotoday

විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවේ තත්ත්වය පරීක්ෂා කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නිලධාරීන් කණ්ඩායමක්

colombotoday