Colombo Today Local News

“හිටපු ජනපති මහින්ද ජාතික නායකයෙක්.. නව ව්‍යස්ථාවට ඔහුගේ සහය අත්‍යවශ්‍යයි” – සම්බන්ධන්

sambandan

නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහය අත්‍යවශ්‍ය බව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා රජය පසුගිය සෙනසුරාදා ඉදිරිපත් කල යෝජනාව ගැන ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට එක් වෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයා එම අදහස් පළ කලේය.

“මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතික නායකයෙක්, ඒ නිසා මේ ජාතික කර්තව්‍යයට එතුමාගේ සහයත් අත්‍යවශ්‍යයි, මම හිතනවා රට ගැන සිතා එතුමා මෙයට සහය දෙයි කියා” ඔහු පැවසීය.

‘නව අනාගතයක්’
ජාතික ප්‍රශ්නය සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් ගෙන ඒමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අවස්ථා කිහිපයක උත්සාහ කල බව පවසන විපක්‍ෂ නායක ආර්. සම්භන්ධන් මහතා, ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන සියළු ශ්‍රී ලාංකිකයන්ට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සහය දීමෙන් හිටපු ජනාධිපතිවරයාට නව දේශපාලන අනාගතයක් ගොඩනගා ගත හැකි බවද සඳහන් කළේය.

වෙනත් රටක් පිලිබඳ ඉල්ලීමක් දෙමළ ජනතාව තුලින් මතු නොවන බව ප්‍රකාශ කළ විපක්‍ෂ නායක ආර්. සම්භන්ධන් මහතා, ජාතික ප්‍රශ්නයට එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුලින් විසඳුමක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

(බීබීසී සංදේශය)

Related posts

මැතිවරණයක් අත ලග ? මූලික සංවිධාන වැඩ ඇරඹීමට මැතිවරණ කොමිෂමෙන් තීරණයක්

colombotoday

හිටපු මන්ත්‍රීන් 50කුත් සමග අගමැති මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී…

colombotoday

“රනිල් ජනාධිපතිවුණොත් හාමුදුරුවන්ට පු* අරියි” – රන්ජන්-හිරුණිකා හඩපටය නිකුත් වෙයි

colombotoday

ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනවා

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කෝටි ගණනක වංචාවක් – විශේෂ හෙළිදරව්ව

colombotoday

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

colombotoday