Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයැබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව සිය වාර්තාව සකස් කර තිබේ.

එම කමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, සිය වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීම සඳහා අද(29) දිනයේ වේලාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එම කැබිනට් අනු කමිටුව පසුගිය පෙබරවාරි මස 19 දින පත්කරනු ලැබීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුව සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල , රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් පත්කර තිබුණි.

මාර්තු 15 වන දිනට පෙර අදාළ කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබුණ ද ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් කැබිනට් අනු කමිටුව විසින් අද දිනය දක්වා කල් ලබාගනු ලැබීය.

ඒ අනුව මේ වන විට සිය කැබිනට් අනු කමිටුව වාර්තාව සකස් කර අවසන් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘හෑෂ්’ මත් පැණි කිලෝවක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

වැටලීමකට ගිය පොලීස් නිලධාරීන්ට වටකරගෙන තඩිබාලා

Admin

මම ග‍්‍රාමසේවක කාලෙත් ගමේ අරක්කුකාරයන්ට හා කසිප්පුකාරයන්ට මාව හිසරදයක් වුණා

colombotoday

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

colombotoday

වන්නි සටනේ මහ සෙන්පතියෙක් අද සමුගනී… සේවා දිගුව වැළැක්වූයේ ඇමරිකාවද?

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday