Colombo Today Local News

හමුදාව උතුරේ ජනතාවට උදව් කළා කියා අපේ ආකල්ප වෙනස් වෙන්නෑ – විග්නේෂ්වරන්

හදිසි ආපදා අවස්ථාවකදී උතුරේ ජනතාවට හමුදාව උපකාර කිරීම ඔවුන්ගේ වගකීම බවත් එයින් ඔවුන් පිළිබඳ පවතින ආකල්පය වෙනස් නොවන බැවින් හමුදාව උතුරෙන් ඉවත් විය යුතු බව උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් අවධාරණය කරයි.

එල්ටීටීඊ යුද සමයේ මෙසේ සැඟව සිටි ඇතැමුන් වර්තමානයේ හමුදාව උතුරෙන් ඉවත් විය යුතු බව අඛණ්ඩව ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවට යුද හමුදාපති මහේෂ් සේනානායක කළ ප්‍රකාශයකට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් විග්නේශ්වරන් මහතා මෙසේද ප්‍රකාශ කළේය.

හමුදාවේ මහේෂ් සේනානායක මහතා මාගේ හොඳ මිතුරෙක්. මා හමුවූ මුල් කාලයේදීම හමුදාව පිළිබඳව දේශීයවත් විදේශීයවත් පවතින මතය අයහපත් බවත් එය වෙනස් කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු පැවැසුවා.
විවිධ කටයුතු මඟින් හමුදාව පිළිබඳ තිබෙන ආකල්පය ඔහු විසින් වෙනස් කර තිබෙනවා. ආණ්ඩුවට ඔහු විසින් කළ යුතු දේවල් ඔහු ඉතා පිළිවෙළට ඉටු කරමින් සිටිනවා. එහෙත් ඔහු දේශපාලනඥයකු මෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටිය යුතුයි.

ඔහු රජයේ නිලධාරියෙක්. ඔහු රජය දෙනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින්නෙක්. ඔහු “බයේ සැඟව සිටි” අය යැයි හැඟවෙන පරිදි ප්‍රකාශ කර සිටියේ මාව නම් 1987 වසරේ අඛණ්ඩව ජීවත් වුණේ දකුණේයි. 1983 වසරේදී හමුදාව විසින් සිදුකළ විනාශයන් හේතුවෙන් සිදුවූ මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට කවරකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවේ ඒවා සිදු කිරීමට ඉදිරිපත් වුණේ මමයි.

මේ නිසා බයේ සැඟව සිටීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. ජනතාව සැඟව සිටියේ හමුදාවට බයෙන් 1960 හමුදාව දැක ජනතාව බියට පත්වුණා. පොලිස් ස්ථානාධිපති බස්තියම් පිල්ලෙයිට බිය වූ තරුණ තරුණියන් සැඟව සිටියා. යුද සමයේදී සැඟව සිට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරවලට බියෙන් ජනතාව සැඟ වුණා. හදිස්සියේම හමුදාව මානුෂීයමය උපකාර සිදුකළා යැයි ඔවුන් පිළිබඳ පවතින ආකල්පය වෙනස් වෙන්නේ නැහැ. ඔවුන් වෙනස් වුණා යැයි අර්ථ ගැන්වෙන්නේ නැහැ.

හමුදාව උතුරෙන් ඉවත්විය යුතු යැයි මා ප්‍රකාශ කරන්නේ 2013 වසරේ සිටයි. උතුරේ ජනතාවට විවිධ උපකාර හා බෝනික්කෝ ලබාදී ඔවුන් හඳුන්නේ මෙහිම රැඳී සිටීමයි. එසේම කොටි යළි හිස ඔසවන බව හුවා දක්වමින් විවිධ ව්‍යාජ නඩු දමමින් ගෝනි බිල්ලෝ නාටක රඟ දක්වමින් සිටිනවා.

ගංවතුර අවස්ථාවේ හමුදාව ජනතාවට උපකාර කරන්නේ නම් එය ඔවුන්ගේ වගකීමක්. එයත් සිදු නොකළහොත් ලබන මාර්තු මාසයේදී මේ බොරු ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී මොන උත්තරය ලබා දෙන්නද?

Related posts

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

colombotoday

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday

ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදී රෝහල් යැවූ 5ක් අත්අඩංගුවේ

Admin

හොරු අල්ලන පනත් ගේද්දි එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

Admin

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව පැරදුණොත් ආණ්ඩුව විසුරුවන්න – එජාප පසුපෙළ කියයි

colombotoday