Colombo Today Local News

සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමට කැපවීම අප සැමගේ යුතුකමකි – ජනපති

janapatiමාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ පැතූ සමාජ සාධාරණත්වයෙන් යුත් සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අපගේ පරම වගකීමක් බව විශ්වාස කරන මා මුළුමහත් ලක්වැසි ජනතාව සමඟ උන්වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අප වෙත ලබාදුන් අවවාද අනුශාසනා පිළිබඳව යළි යළිත් මෙනෙහි කරමින් ඒ සඳහා වන කැපවීම සපථ කරමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමි වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියි.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ පුවත මුළුමහත් ජාතියෙහිම සංවේගයට හේතුවකි.

බෞද්ධ ජනතාවගේ පමණක් නොව සියලු ආගමිකයින්ගේ හා ලක්වැසි සියලු ජාතින්ගේ ගෞරව බහුමානයට ලක් වූ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ සමාජ හා ශාසනික උන්නතිය, ආගමික සහජීවනය පිළිබඳව මෙන්ම ප්‍රජාත්න්‍රතවාදයේ ගුණාංග රට තුළ තහවුරු කිරීම උදෙසා අප්‍රතිහත ධෛර්යකින් යුක්තව පෙනී සිටි අභීත යතිවරයාණන් වහන්සේ නමක් ලෙස සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ගෞරවය දිනා සිටියහ.

රටෙහි පැවැති අහිතකර දේශපාලන ප්‍රවාහයන් නිවැරදි මඟට යොමු කිරීම සඳහා උන්වහන්සේ තුළ වූ අධිෂ්ඨානය මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වූ පොදුජන ක්‍රියාවලියට තීරණාත්මක මඟපෙන්වීමක් හා උත්තේජනයක් විය. එම බලපෑම මගේ නායකත්වයෙන් යහපාලන රජයක් බිහිකරමින් රට නිවැරැදි දිශානතියකට ගෙන යාම සඳහා අප වෙත ඉමහත් ධෛර්යයක් සැපයීය.

පසුගිය දශක කිහිපයක සිට මගේ දේශපාලන ජීවිතයට උන්වහන්සේගෙන් ලැබුණු අවවාද අනුශාසනා රටේ යහපත වෙනුවෙන් පෙනී සිටීම සඳහා මා වෙත ශක්තියක් ලබා දුන් අතර උන්වහන්සේ පැතූ සමාජ සාධාරණත්වය ඉදිරියටද පවත්වාගෙන යාමට එය පහන් ටැඹක් සේ අප වෙත මඟපෙන්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමි.

සමාජයේ දේශපාලන ආගමික හා සංස්කෘතික පරිවර්තනයන් උදෙසා අතිපූජ්‍ය සෝභිත නායක මාහිමියන් වහන්සේගේ කැපවීම මෙයට දශක හතරක් පමණ වූ අතීතයකට දිව යන දීර්ඝ ක්‍රියාවලියකි.

ශ්‍රී ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරමින්ද පසුගිය යුගයේ වර්ධනය වෙමින් පැවති සංස්කෘතික හා ආර්ථික සෝදාපාළුවට එරෙහිව මහාචාර්ය සරත්චන්ද්‍රයන් සමඟ සමාජ සංවාදයක් ඇති කළේ ද උන්වහන්සේ විසිනි.

එමෙන්ම මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳව කතිකාවතකට පුරෝගාමී වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙසින් ද ආගමික හා ජාතික සංහිඳියාව උදෙසා පෙනී සිටි ප්‍රමුඛ නායකයකු වශයෙන් ද දැවැන්ත මුද්‍රාවක් ශ්‍රී ලාංකීය සමාජය තුළ සනිටුහන් කළ උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා මෑත කාලීනව රට තුළ සිදුකළ අරගලය අසම සම වන බව මාගේ විශ්වාසයයි.

මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ පැතූ සමාජ සාධාරණත්වයෙන් යුත් සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අපගේ පරම වගකීමක් බව විශ්වාස කරන මා මුළුමහත් ලක්වැසි ජනතාව සමඟ උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අප වෙත ලබාදුන් අවවාද අනුශාසනා පිළිබඳව යළි යළිත් මෙනෙහි කරමින් ඒ සඳහා වන කැපවීම සපථ කරමිනි.

Related posts

වැඩිමිලට ඉන්ධන විකුණු බවුසර් රථයක් අත්අඩංගුවට

colombotoday

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

කළු දිලීර රෝගීන්ට කොවිඩ් ආසාදනය වෙලා නෑ.. පසෙහි අඩංගු දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අයට – වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර

colombotoday

එජාප නව තනතුරුවට කෘත්‍යාධිකාරියේ අනුමැතිය.. විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨයා ඉවත්වෙයි…

colombotoday