Colombo Today Local News

සේරුනුවර කලුපාලම අසලින් ජීව උණ්ඩ 1892ක්

කන්තලේ-සේරුනුවර මාර්ගයේ කලුපාලම අසල තිබී ජීව උණ්ඩ 1892ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබෙනවා.

කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත ලද තොරතුරකට  මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනුණු බවයි වාර්තාවන්නේ.

එහිදී 5.56 ං  45 උණ්ඩ 1539යි, 7.62 ං 39 උණ්ඩ 123යි, 7.62 ං  54 උණ්ඩ 72යි, 12.7 ං උණ්ඩ 05යි, විවිද පලුදු වූ උණ්ඩ 153ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙලෙස සොයා ගත් උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Related posts

අමෙරිකානු පුරවැසිකම අත්හැරීම: ලියකියැවිලි ප්‍රසිද්ධ කරන්න ගෝඨා සැරසෙයි

colombotoday

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

colombotoday

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin