Colombo Today Local News

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකයෙක් අත්අඩංගුවට….

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තුළදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් වැල්ලම්පිට්ය තඹ කර්මාන්තශාලා හිමිකරු වු කෝටිපති ව්‍යාපාරික මෙහොමඩ් ඊබ්‍රහිම් අහමඩ් නැමැත්තාට ආගමික වතාවත් පැමිණවිම සඳහා පැමිණි බවට සැක කරන පූජකවරයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු බෝම්බකරුගේ බිරිඳගේ කොල්ලුපිටිය මල්පාර සුඛෝපභෝගි දෙමහල් නිවසේදි අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

ඔවුන් පැමිණි තිබු ත්‍රිරෝද රථය මෙන්ම එම නිවස තුළ ඩ්‍රෝන කැමරාවක්ද පොලීසිය විසින් භාරයට ගෙන ඇත.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැක කටයුතු කිහිප දෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලීසිය වෙත ලැබුණු තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Related posts

“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

අවිනීත රියදුරෙක් රාජගිරියේදී ජීවිත දෙකක් බිලිගනී

colombotoday

මුදල් විශුද්ධිකරණ චෝදනා : නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප !

colombotoday

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

අපේ මුහුදු සීමාවේ නැවක් කැරකි කැරකි තියෙනවා – නලින්ද ජයතිස්ස

colombotoday

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday