Colombo Today Local News

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා පමණක් අබලි ද්‍රව්‍ය නිකුත්කරන කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ට අයත් මහ පරිමාණ ව්‍යාපාරයට අබලි ද්‍රව්‍ය නිකුත් කර ඇත්තේ නෛතික රාමුව ප්‍රබල ලෙස උල්ලංඝනය කරමින් බව ජනාධිපති කොමිසම හමුවේ දී ඊයේ (30)දින අනාවරණය විය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කාර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ තමන්ද සේවයේ යෙදී සිටියදි සභාපතිවරයා විසින් නීතිවිරෝධී ලෙස වගකිම් පැවරූ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු හරහා මෙම ක්‍රියාදාමය වසර දෙකක් පවත්වාගෙන ගොස් ඇති බවය.

පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරි මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත් “කොලෝසස්” කර්මාන්ත ශාලාවට නීතිවිරෝධී ලෙස ප්‍රමාණය ඉක්මවා අබලි ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම හමුවට ඊයේ පස්වරුවේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂක සරත් උදයසිරි මහතා කැඳවා තිබුණි.

එහිදි සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ රාජ්‍ය ආයතනවලින් ඉවත් කළ අබලි ද්‍රව්‍ය මිලට ගෙන ඒවා සුළු,කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බෙදාහැරීම කාර්මාන්ත සහ සැපයුම් කළමනාකරණය අමාත්‍යාංශය යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය තුළින් සිදු වූ බවය.

අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රිෂාඩ් බදියුදින් මහතා කටයුතු කළ අතර ඔහු විසින් පත්කළ මහින්ද ජිනසේන නැමැත්තෙකු කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා අබලි ද්‍රව්‍ය නිකුත් කරන අබලි කළමනාකරණ ඒකකයේ අලෙවි අංශය තමන් යටතේ පැවති අංශයක් බවය.

සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ 2017 මැයි 17 වන දින තමන් අලෙවි අධ්‍යක්ෂ තනතුරේ රැදී සිටියදීම සභාපතිවරයා විසින් අබලි කළමනාකරණ එකකයේ වගකීම් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකුට පවරා තිබු බවය.

ඩි.පී.එස් දික්වැල්ල නම් තමන් යටතේම සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට මෙලෙස අබලි කළමනාකරණ එකකයේ වගකීම් භාර දී තිබුණද, එම ඒකකය නෛතික වශයෙන් භාරව සිටි තමන්ගෙන් එය ඉවත් කළේ මන්දැයි හේතු පැහැදිලි කිරීමක් නොකළ බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

කෙසේ වෙතත් කොලෝසස් නම් මෙම ආයතනයට 2017 සහ 2018 වසර වලදි අබලි ද්‍රව්‍ය නිකුත්කර ඇත්තේ අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමෙදි අනුගමනය කළ යුතුයැයි 2013 වසරේ හඳුන්වාදුන් මාර්ගෝපදේශයන් දැඩි ලෙස උල්ලංඝනය කරමින් බව සාක්ෂිකරු අනාවරණය කළේය.

ඒ අනුව 2017 වසරේ එම ආයතනයට තඹ පමණක් ලබාදෙන ලෙස නිර්දේශ කර තිබියදි තඹ ලබාගැනීමට ට්‍රාන්ස්ෆෝමර්ස් 328ක් සමගින්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් යල්පැනීම හේතුවෙන් තලා ඉවත් කළ පිත්තල කොපු කිලෝග්‍රෑම් 16,856ක්ද ලබා දී ඇති බව සාක්ෂිකරු හෙළිදරව් කළේය.

එසේම 2018 වසරේදි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අබැලි කළමනාකරණය එකකය විසින් මෙම ක්ලෝස්යස් ආයතනයට මාසිකව තඹ මෙට්‍රික් ටොන් 150 ක්ද, පිත්තල මෙට්‍රික් ටොන් 100ක්ද, ඇලුමිනියම් මෙට්‍රික් ටොන් 50ක්ද ලබාදී ඇති බව සාක්ෂිකරු පැවසීය.

අදාළ අබලි ද්‍රව්‍ය යොදා ගනිමින් ඉන්සාෆ් අහමඩ් නැමැති බෝම්බකරුගේ කර්මාන්ත ශාලාව තුළ භාණ්ඩ වර්ග 3ක් නිෂ්පාදනය කර ඇති බවත් මාසිකව නිෂ්පාදනය කළ භාණ්ඩවල වටිනාකම පමණක් රුපියල් මිලියන 153.25ක් බව උදයසිරි මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් අබලි ද්‍රව්‍ය ලබාදෙන ඉහළම කර්මාන්ත ඛාණ්ඩය වන මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ටත් වාර්ෂිකව ඉපයිය හැකි ආදායම මිලියන 600ක් වන පසුබිමක මාසිකව මිලියන 150ක් වැනි විශාල ඉපයිමක් සිදුකරන මහා පරිමාණයෙන් ක්‍රියාත්මක මෙම කොලෝසස් ආයතනයට අබලි ද්‍රව්‍ය ලබාදීම සම්පුර්ණයෙන් නීතියට පටහැනි බවය.

එබැවින් සුළු, කුඩා හෝ මධ්‍ය පරිමාණ ගනයට වැටෙන කර්මාන්ත විසින් සිදුකරන ඉපයීමට එහා ගිය විශාල ඉපයීමක් සිදුකරන මෙම කොලෝසස් ආයතනයට අබලි ද්‍රව්‍ය ලබාදීම ම සිය ආයතනයේ මාර්ගෝපදේශයන් උල්ලංඝණය කිරීමක් වන බව සාක්ෂිකරු එහිදී අවධාරණය කළේය.

Related posts

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාශයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

colombotoday

කොරෝනා බවට සැක රෝගීන් 29ක් රෝහල්වල !

colombotoday

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්

colombotoday