Colombo Today Local News

සශී වීරවංශගේ පාස්පෝර්ට් එක ගැන හිටපු ආගමන විගමන පාලක සියල්ල හෙළි කරයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරසිංහ මහත්මිය 2004 වසරේදී ලබාගෙන තිබූ විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් නම, ගම උපන්දිනය හා වයස ඇතුළු තොරතුරු බොහොමයක් අසත්‍ය වුවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ සිදුනොකර ඇය ඉදිරිපත් කළ තම තොරතුරු ඇතුළත් කොට රාජ්‍ය තාන්ත්‍රි්‍රක විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට තමන් උපදෙස් ලබාදුන් බව හිටපු ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා ඊයේ (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

ඇගේ සහෝදරයා වන අජිත් කුමාර නමැත්තාට එරෙහිව පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව එල්ලවී තිබිම නිසා ඇය ඇතුළු පවු‍ලේ සාමාජිකය්නට විවිධ පීඩාවලට මුහුණදීමට සිදුවීම නිසා නිවැරදි තොරතුරු හෙළිකිරීම නොහැකි වූ බවට ඇය තමන් ඉදිරියේ් කළ පා‍පොච්චාරණය සලකා මනුෂිය හේතුන් මත තමා එම නියෝගය කළ බවද දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා ලෙස මේ වන විට රාජකාරි කරන චූලානන්ද පෙරේරා මහතා එහිදී ප්‍රකාශ කළේය. ශෂී වීරවංශ මහත්මිය 2006 වසරේ සිට දෙවසරක් ඇතුළත එකී ව්‍යාජ තොරතුරු ඇතුළත් විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින් අවස්ථා හතරකදී විදේශ ගතවී ඇති බවත් එහිදී සාක්ෂි ලබාදෙමින් පැවැසූ පැමිණිල්‍ලේ 10 වන සාක්ෂිකරු වන චූලානන්ද පෙරේරා මහතා එවැනි ව්‍යාජ තොරතුරු ඇතුළත් විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම ඉතා බරපතළ වරදක් වුවත් තමා ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවර නොගත් බවද ප්‍රකාශ කළේය.

සැකකාරියගේ සහෝදරයා පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරය එල්ල කළ වකවානුව හා එම විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කළ වකවානුව පිළිබඳව අවබෝධයක් ඇතිදැයි එහිදී අධිකරණය ඇසු පැනයට පිළිතුරු දුන් සාක්ෂි කරු ප්‍රකාශ කළේ එම බෝම්බ ප්‍රහාරය එල්ල වූ වකාවනුව පිළිබඳව තමාට නිසි අවබෝධයක් නොමැති බවයි.

සැකකාර ශෂි වීරවංශ මහත්මියට ඇගේ දියණිය සමග විදේශ ගත වීමට අවශ්‍ය වී ඇති බැවින් ඇයට නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඇගේ නීතිඥවරයා කළ ඉල්ලීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විරුද්ධත්වය දක්වීය. ඒ සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර ඇගේ සත්‍ය නම, උපන් දිනය, හා වයස පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතුව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ව්‍යාජ ලිපි ‍ලේඛන ඉදිරිපත් කළ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුලි 8 වැනිදා දක්වා කල්තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එහිදී නියෝග කළේය.

Lakbima

Related posts

“අගරදගුරුගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් මා සතුයි” රන්ජන්ගෙන් අගරදගුරුට චෝදනා

colombotoday

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

colombotoday

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීමට ගත් අලුත් පියවර

colombotoday

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday