Colombo Today Local News

සමීක්ෂණ වාර්තාවලින් එජාපය රත්වෙයි… විපක්ෂ නායකකම සජිත්ට ඉල්ලා සිරිකොතේ ගෝරි !

නවතම සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ස්ථීර බවත්, විපක්ෂ නායකකම ඔහුට ඉල්ලා සිරිකොතේ අරගල සිදුවන බව නුවරඑළිය දිස්ත්‍රික් පා්ලිමේන්තු මන්ත්‍රී සි.බී. රත්නායක මහතා පවසයි.

,සමික්ෂණ වාර්තා ඇවිත් තියෙනවා 59 % ජනතා කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. අපිට කියන්න තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි පව් සජිත්,දුකයි සජිත්,මේ මිනිහා දේශපාලනයෙන් ඉවර කරන්න තමයි රනිල් සුදානම් වෙන්නේ. දැන් මහා අරගලයක්ලු සිරිකොතේ විපක්ෂ නායක කමට. පරාජය පිළිගෙන ඉවරයි.ජනාධිපතිවරණයට ඉල්ලන කෙනා මොකටද විපක්ෂ නායක කම ගැන කතා කරන්නනේ .පරාජය පිළිගෙන ඉවරයි. ඉතිං පව් කියන්නැතිව වෙන මොනවද කියන්නේ. මාත් එක්ක පාර්ලිමේන්තුවේ හිටපු සගය.“

මන්ත්‍රිවරයා එසේ පැවසුවේ තලවාකැලේ ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිම සදහා පැවති පොකුරු රැස්විමක් සදහා පැමිණ සිටි ජනතාව අමතමින්ය.

Related posts

ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ කපුටා…

colombotoday

69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේනවා..

colombotoday

පුත්තලමේ සුෆි බැතිමතුන් ඉලක්ක කර වහබ්වාදීන්ගෙන් ප්‍රහාරයක්

colombotoday

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරණායක !

colombotoday

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

colombotoday