Colombo Today Local News

සමන් රත්නප්‍රිය සුදුසු දෙමටගොඩ මස් කඩයට – පිවිතුරු හෙළ උරුමය

පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා විසින්  ජනපති ඝාතනය ඇතුළු මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කරන බවට පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමය   ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් අද දින (2018.12.09) පොලිස් මූලස්ථානය වෙත ගොනු කරනු  ලැබුවේය.

පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා.

පසුගිය දිනක පුරවැසි බලය නමින් හදාගත්  නඩයක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය කියන පුද්ගලයා කරපු බරපතළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද දින අප පක්ෂයක් විදිහට පොලිස්පතිතුමා හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.

ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් පිළිබඳ මුළු රටේම පසුගිය දින වල කතා බහට ලක් වුනා.  මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රක්ෂිත  බන්ධනාගාර ගත කර තිබෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන්. මෙවන් අවස්ථාවක රට තිබියදී සමන් රත්නප්‍රිය විසින් ප්‍රකාශ කරනවා රටේ විධායක ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල තීන්දුවලට එරෙහිව ජනතාව පාරට බස්සවන බවටත් එහිදී ඇතැම් විට මිනීමැරුම් සිදුවිය හැකි බවටත් . ඒ වගේම ලිබියාවේ හිටපු නායක මුවමර් ගඩාපිට සිදුවූ වූ ආකාරයේ සිද්ධියක් ලංකාවේ සිදු විය හැකි බවටත් එතුමා භයානක හැඟීමක් රට තුළ ඇති කරනවා.

එවැනි තත්වයක්  මේ රට තුළ ඇති වීමට අපි කිසි දවසක ඉඩ තබන්නේ නැහැ. ඒ නිසා අපි අද පොලිස් මූලස්ථානයට ඇවිදින් පොලිස්පති තුමන්ගේ සහන මැදිරියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා.

ඒ වගේම අපි මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සමන් රත්නප්‍රිය මහතා නියෝජනය කරන්නේ සෞඛ්‍ය සේවාවන්. සෞඛ්‍ය සේවාව නියෝජනය කරන පුද්ගලයෙක් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අපි ඇත්තටම කනගාටු වෙනවා.  මොකද  මෙවැනි ප්‍රකාශ කරනවා නම් මෙතුමා නියෝජනය කරන්නට ඕනෑ දෙමටගොඩ මස් කඩය. ගඩාපිගේ ඝාතනය වැනි සිද්ධීන් මෙරට සිදුකල යුතු යැයි පවසන මානසික තත්වයක් පවතින පුද්ගලයෙක් ඇත්තෙන්ම රාජකාරි කරන්නට ඕනෑ මෙරට සෞඛ්‍ය අංශයේ නොවෙයි.  ඔහු රාජකාරි කරන්නට අවශ්‍ය දෙමටගොඩ මස් කඩෙි. මේ වන විට මුළු ලෝකයම හෙළාදකින එවැනි කූර ඝාතනය ශ්‍රී ලංකාව තුළටත් ගෙන එන්නට අවශ්‍ය යැයි කියන මේ සමන් රත්නප්‍රිය කියන ඩොලර් කාක්කන්ට අපි කියනවා මෙවැනි ප්‍රකාශයන් හරහා මේ රටේ ජනතාවට භීතිය ඇති කරන්නට එපා කියලා.

මේ සම්බන්ධයෙන් අප සමන් රත්නප්‍රියට එරෙහිව පොලිස්පති තුමාගේ සහන මැදිරියට සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන් ද එක් විය.

Related posts

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ සම්පූර්ණ වගකීම ජනපතිටයි

colombotoday

ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්

Admin

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

අරගල භුමියේ විරෝධාකරුවන්ට පහරදි ඉවත් කරයි. – 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday