Colombo Today Sports News

ශී‍්‍ර ලංකාවට එන්න සිටි බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සායිෆ් හසන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සූදානම් වන ක‍්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

එමෙන්ම බංග්ලාදේශ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නික් ලී හටද නව්‍ය කොරෝනා වෛසරය ආසාදනය වී තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතයි. ඊට සහභාගිවීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටිනවා.

Related posts

උතුරත් දකුණත් ශූරතාව වෙනුවෙන් අද සටනේ

colombotoday

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස දෙවන තරගය අද

Admin

ගාලු කොටු පවුරේ සිට කණ්ඩායම දිරි ගැන්වූ ක්‍රිකට් ලෝලියාට එංගලන්ත නායකයාගෙන් ලැබුණු දුරකතන ඇමතුම.

colombotoday

මෙවර ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් කරයි

colombotoday

ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321යි

colombotoday

පැතුම්ගෙන් ශතකයක්

Admin