Colombo Today Local News

කසළ තේ අපනයන ජාවාරම්කරුවන් පිටුපස තේ මණ්ඩලයේ නිලධාරින්නුත් ඇද්දැයි විමර්ශන

කසළ තේ අපනයනය කිරීමේ ජාවාරම පිටුපස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරින් සිටින්නේ ද යන්න පිළිබඳව සොයා බලන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කසළ තේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති තොරතුරු මත අදාළ විමර්ශන කටයුතු සිදු කරන බවය.

කුරුඳු අපනයනය කරන මුවාවෙන් කසළ තේ ඉරාකයට අපනයනය කිරිමේ චෝදනාව මත රේගුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඔවුන් විසින් කසළ තේ බහලුම් 65ක් ඉරාකයට අපනයනය කර ඇති බවය.

මීට පෙර සිදුකළ විමර්ශනවල දී ද කසළ තේ බහලුම් 252ක් ඉරාකයට අපනයනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම කසළ තේ අපනයනය කරන ජාවාරම්කරුවන්ට එම තේ ලැබෙන ආකාරය සම්බන්ධයෙන් රේගු අවදානම් කළමනාකරණ ඒකකය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.

එහිදී අනාවරණය වී ඇත්තේ තේ පිරිපහදු කිරීම සඳහා තේ මණ්ඩලයෙන් බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයෙකු ද මෙම කසළ තේ ජාවාරම්කරුවන් පිටුපස සිටින බවය.

අදාළ බලපත්‍රලාභි පුද්ගලයා විසින් අපනයනය කිරීම සඳහා කසළ තේ ප්‍රවාහනය කර ජාවාරම්කරුවන්ට ලබා දී ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පිරිපහදු කිරීම සඳහා ලබා ගන්නා තේ පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතුරු වන කොටස තේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීම සිදුකළ යුතු වුවත් එලෙස විනාශ නොකර අපනයනය කර ඇති බව වාර්තා වේ.

එම නිසා මෙම කසළ තේ ජාවාරමට තේ මණ්ඩලයේ නිලධාරින්ගේ ද සම්බන්ධයක් ඇද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා රේගු අවදානම් කළමනාකර ඒකකයේ නිලධාරින් විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

“කිසිම සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා”

colombotoday

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

colombotoday

අලි සබ්රි රහීම් ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටු තහනම්

Admin

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

මහ සෑ අභියස ජනපති ගෝඨාභයගේ ඓතිහාසික කතාව අති විශිෂ්ඨයි, අභිමානනීයයි – අස්ගිරි මහ විහාරයෙන් පැසසුම්

colombotoday

ජනපතිගේ බැදුම්කර ප්‍රකාශය මහ ප්‍රෝඩාවක්.. රටම අන්දන්න ලේකම්වරයෙක් ලියූ ප්‍රබන්ධයක් !

colombotoday