Colombo Today Local News

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ රැකියා වරම් – ඉල්ලුම් කරන්නේ මෙහෙමයි

ඇමරිකා එක්සත් ජනපදයේ බලයලත් බඳවා ගැනීමේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ KARMA සේවය ශ්‍රී ලංකාවේ වෙසෙන හෙදියන් (ගැහැණු සහ පිරිමි) සඳහා ඇමරිකාවේ රැකියා අවස්ථා ලබා දීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා හෙදි බලපත්‍රය ලබා සිටීම සහ අවම වශයෙන් අවුරුදු දෙකක රෝහල් හෙදි අත්දැකීම, හෙදි ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හෝ හෙදි ඩිප්ලෝමාවක් ලබා තිබීම මේ සඳහා මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ක්‍රමයේ සහතිකයක් (IELTS – 6.5 – SPK 7) ලබා තිබීම අනිවාර්යය වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ සහ බඳවා ගැනීමේ අංශය වෙතින් ලබා ගත හැකිය.

Related posts

රෝහලෙන් හමු වූ අත්බෝම්බය හදන්න සහය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

Admin

“උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ“ – FCID ඉදිරිපිට විරෝධතා

colombotoday

රනිල් ඉන්දියාවෙන් මුඛවාඩම් ඉල්ලයි !

colombotoday

මෙවර අලුත්ම ඡන්ද 947,606ක්

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday