Business

ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ පළමු LNG (ද්‍රවීකෘත ස්වාභාවික වායු) විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම එළිය කරමින් තිරසාර ගෝලීය සංවර්ධන අරමුණු වලට අනුගතව ඵලදායී සහ ලාභදායී විදුලිබල ජනනයකින් රටම බලගැන්වීම විදුලිබල අමාත්‍යාංශයේ අරමුණ බවද, 2005 සිටම සාකච්ඡාවට බඳුන් වූ පිවිතුරු බලශක්ති (Clean Energy) උත්පාදනය යථාර්තයක් බවට පත් කරමින්, මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නිපදවිය හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයේ ඉදිකිරීම් කටයුතු කෙරවලපිටිය ලක්දනවි විදුලිබලාගාර පරිශ්‍රයේ ආරම්භ කරන බවද විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයට වැඩි කොටස් අයිතිය හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් (LTL) සමාගමට ඔවුන් සතු ලක්දනවි බලාගාර පරිශ්‍රයේ අදාල ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිඳුන්ගේ පොදුජන යුග මෙහෙවරෙහි පළමු වසර සනිටුහන් කරමින් ලක්දනවි ස්වභාවික වායු විදුලිබලාගාරයේ ඉදිකිරීම් කටයුතු මෙම නොවැම්බර් මස අගභාගයේ ආරම්භ කරන බවත්, සෞභාග්‍යයේ දැක්මට අනුව වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි ජනනයෙන් 70%ක් පිවිතුරු හා පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීම ඉලක්ක කරගනිමින් මෙවැනි විදුලිබලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල උත්පාදනයෙන් 35%ක් පමණ සැපයෙන්නේ ඩීසල් බලාගාර වලින් වන අතර එයින් නිපදවන ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 30/=ක් තරම් අධික වන අතර LNG විදුලිබලාගාර මඟින් එය රුපියල් 15/=ක් දක්වා අඩුකර ගතහැකි බව පැවසේ. වසර 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියේ ඩීසල් ජනන දායකක්වය 5%ක් දක්වා අඩු කරගනිමින්

විදුලි පාරිභෝගිකයන්ට අඩු මිළ සේවාවක් සපයමින් ජාතික ආර්ථිකයට ශක්තියක් සැපයීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බවද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවට නව සභාපතිවරයෙක් පත් වෙයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

colombotoday

පාන් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

colombotoday

සියළු ක්ෂේත්‍ර සදහා බදු ප්‍රතිශත 15% දක්වා වැඩි කරන්න.. IMF රජයට දන්වයි

colombotoday

සීනිවලට අඩුකළ රුපියල් 49 වාසිය පාරිභෝගිකයාට නෑ | සමාගම් හතකට කෝටි 147ක ලාභයක්

colombotoday