Colombo Today Local News

විශ්‍රාම ගැනීමෙන් පසුවත් පැජට් පාරේ නිල නිවස මෛත්‍රීට !

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ද ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දිමට අද (15) රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්විම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ඔහුට ජිවිත තර්ජණයක් ඇති බැවින් එතුමාගේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා සිය නිල නිවෙස ලෙස භාවිතා කරනු ලබන කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව ඔහුටම ලබාදිම සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ

Related posts

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

පූජිතගෙ මූලික අයිතිවාසිකම් පෙත්සම පූජිතම ඉල්ලා අස්කර ගනී

Admin

වැඩබලන ජනාධිපතිගෙන් ජීවන බර අඩු කරන්න මෙතෙක් නොලැබුණු සහන

colombotoday

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

උණ්ඩ ප්‍රවාහනය කළ කෝප්‍රල්- සාජන් මේජර් පොලිස් අත්අඩංගුවට

Admin

ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව ප්‍රශස්තයි – මහින්ද

Admin