Colombo Today Local News

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව 9 වැනිදා පාර්ලිමේන්තුවට

parlimentවිධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරිමේ යෝජනාව ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කර එම විධායක බලය පාර්ලිමේන්තුව තෝරා පත් කර ගන්නා අමාත්‍ය මණ්‌ඩලයක්‌ වෙත පවරනු ලබන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමේ පළමු පියවර වශයෙන් 21 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථා සම්පාදක සභාව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමේ යෝජනාව ජනවාරි 1 වැනිදා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (29 දා) විදුලිබල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස්‌ දක්‌වමිනි.

සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථා සම්පාදක සභාව සඳහා කථානායකවරයා අගමැතිවරයා සහ විපක්‍ෂනායකවරයා නිල බලයෙන් සාමාජිකයන් වන අතර යෝජනාව සම්මත වූ පසු ඉතිරි සාමාජිකයන් 18 දෙනා පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන බවත් ඒ අනුව නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ කටයුත්ත ව්‍යවස්‌ථා සම්පාදක සභාව මගින් සිදු කරන බවත් අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමේ ක්‍රියාවලිය සඳහා රටේ සිවිල් පුරවැසියන්ගේ උපදෙස්‌ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ පරිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලු දේශපාන පක්‍ෂ ජාතීන් ආගම් නියෝජනය වන විද්වතුන් ගෙන් සැදුම්ලත් සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ කමිටුවක්‌ පත්කර තිබෙන බවත් රටේ සිවිල් පුරවැසියන්ගෙන් ලබා ගන්නා යෝජනා එම කමිටුව මගින් ව්‍යවස්‌ථා සම්පාදක සභාවට යොමු කර රටේ පුළුල් මහජන සහභාගිත්වය ඇතිව නව ආණ්‌ක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කරන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ කමිටුවේ යෝජනා ඇතුළත්ව ව්‍යවස්‌ථා සම්පාදක සභාව මගින් කෙටුම්පත් කෙරෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක 2/3 ඡන්දයෙන් සම්මත කර, ජනමත විචාරණයක්‌ සඳහා යොමුකර රටේ ජනතාවගේද අනුමැතිය ලබාගන්නා බව හෙතෙම කීය.
දිවයින

Related posts

මංගලගෙන් සජිත් පිලට කුණු බැණුම්, අමු අන්තවාදීන් පිරිසක් යයි කියයි..

colombotoday

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

පෝය දවසේ දේව බලෙන් ලෙඩ සුව කරන්න යයි.. දේව දූතයාටත් ලෙඩක් වැටෙන ලකුණු !!

colombotoday

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි

Admin

අර්ජුනගේ මාධ්‍ය මාෆියාවේ සන්ඩේ ලීඩර් සහ ඉරුදින මාධ්‍යවේදීන්ට වැටුප් නෑ !

colombotoday

නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කෙක් මාට්ටු

Admin