Colombo Today Local News

විජයකලා ඇමතිකමින් නෙරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි – විජයකලා වෙනුවෙන් තවත් ඇමතිනියක් පෙරට එයි

වනිතා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කරගෙන ඇයව මන්ත්‍රීධූරයෙන් හෝ අමාත්‍යධූරයෙන් නෙරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් යැයි උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය සදහන් කළාය.

කොටි සංවිධානය සම්බන්ධයෙන් ඇය විසින් යාපනයේදී සිදුකළ ප්‍රකාශය ප්‍රායෝගිකව සිදුකරන ලද්දක් නොවන බවත් වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ කළ ප්‍රකාශයකට උදාහරණයක් වශයෙන් කොටි සංවිධානය යොදාගෙන ඇති බවත් අමාත්‍යවරිය තවදුරටත් කීවාය.

විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය කොටි සංවිධානය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ගැන මාධ්‍යට අදහස් පලකරමින් ආනන්දි ශෂිදරන් මහත්මිය මේ බව කියා සිටියාය.

Related posts

කටුගස්තොට පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි

colombotoday

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

නාවලපිටියෙන් නාවික දුරදක්නයක්, කඩු, මන්න තොගයක් සොයාගනී…

colombotoday

හිරුණිකාගේ දේශපාලන මැර බලයෙන් රත්නපුරේ මහා දැව කොල්ලයක්… අක්කර අටදාහක් තුන් ඈවරයි

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin