Colombo Today Local News

වැඩ බැරි ටාසන්ලාට රැවටුණු කාලය අවසන්. ජනාධිපතිතුමනි, හැකිනම් ජනතාවට වැඩ පෙන්වා එන්න

“මතින් නිදහස් රටක් වෙනුවෙන් ජනාධිපතිවරයා දිවුරුම් දෙද්දී දේශපාලන හෙංචයියලාගේ නීති විරෝධී රට බීම හල් රට පුරා’’ යන ශීර්ෂය යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැඩ බැරි ටාසන්ලාට අප රැවටුන කාලය දැන් අවසන්වී ඇති බවත් ජනාධිපතිවරයාට ජනතාවට වැඩ පෙන්වා පැමිණෙන ලෙසත් එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මගින් ආරාධනා කරසිටිනවා.

එම මාධ්‍ය නිවේදනය…..

වසර හතරක් රට පාලනය කොට කිසිම සේවයක් රටට කල නොහැකි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම දිවුරුම්දීම යන මාතෘකාව යටතේ මෙරටින් මත්ද්‍රව්‍ය තුරන කරන බවට ප්‍රකාශ කරමින් ජනතාවගේ ඡන්දය යළි ලබා ගැනීම සදහා ගනු ලබන උත්සහය පිළිබදව අපගේ විරෝධයක් නොමැති අතර එම වැඩ සටහන හෝ සාර්ථකව සිදුකීරීමට හැකි වෙවායි! අප ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ දේශපාලන හෙංචයියන් ගේ උපකාරයෙන් නීතිවිරෝධීව බලපත් ගෙන ‌පවත්වාගෙන යනු ලබන රටබීම හලක් පිළිබදව හෙළිදරව්වක් මෙසේ කරමු.

  1. වොහාර තිස්ස හෙට්ටිආරච්චි ගුණවර්ධන යන අයට අයත් අංක: 1026 දරණ ඇටෝර්නි බලපත්‍රය යටතේ පරකැට ඇල්ලේ වත්තේ ගෙදර රංජිත් ධර්මකීර්ති අය වෙත බලය පවරා ඇති අංක: 199 පිලියන්දල පාර, ගොඩිගමුව, මහරගම ස්ථානයේ පවත්වා ගෙන යනු ලබන මීට ඉහත දී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතුමලේ මාපලගම,නාගොඩ ප්‍රාදේශීය ලේකම්කොඨිඨාශයේ පවත්වාගෙන ගියේ යැයි ඔවුන් සදහන් කරන සෙන්ට්‍රල් වයින් ස්ටෝර්ස් (ර/බී 04) දරණ රට බීම අලෙවිහල කොළඔ දිස්ත්‍රික්කයේ මහරගම ප්‍රාදේශීය ලේකම්කොඨිඨාශයේ පවත්වාගෙන යාම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය ලබා දී ඇත.

02.මෙසේ බලපත්‍ර ලබා දීම 2008/04/10 දින නිකුත් කරන ලද අංක: 1544/17(නියෝග 902) අති විශේෂ ගැසට්පත්‍රයේ 27 වන වගන්තිය ප්‍රකාර නීතිවිරෝධි වේ.

  1. තවද මෙම බලපත්‍රය අදාල පුද්ගලයාට නිකුත්කර ඇත්තේ අධිකරණ තීන්දුවක් මත බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලද එම අධිකරණ නියෝගයේ සදහන්ව ඇත්තේ අදාල පුද්ගලයාට රටබීම අලෙවි සැලක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යවන ඉල්ලුම් පතක් නිකුත් කරන ලෙස පමණි.

මහරගම නගරය බෞද්ධ නගරයක් බව රටම දන්නා කාරණයකි. මෙම මත්පැන්හල පිහිටුවා ඇත්තේ නගරයෙන් ඈතින් ඇති ගොඩුගමුව නැමැති ගමේය. ගම පුරා මත්පැන්හල් පිහිටුවීමට නීති විරෝධීව අවසර ලබා දී මතින්තොර රටක් සෑදීම සදහා ගනු ලබන උත්සහය හාස්‍ය ජනකය. මේ පිළිබදව අප සංවිධානය ජනාධිපතිවරයා දැනුවත් කලද කිසිදු පිළිතුරක් තවම අප වෙත ලබා දී නොමැත.

ඔබට ජනතාවගේ සහය අවශ්‍යනම් මෙම රටබීම හල ඇතුලු අනෙක් නීති විරෝධී රටබීම හල් පිළිබදව නිසි පරීක්ෂණයක් කර ජනතාවට වැඩ පෙන්වා පැමිණෙන ලෙස ආරාධනා කරන අතර වැඩ බැරි ටාසන්ලාට අප රැවටුන කාලය දැන් අවසන්වී ඇති බවද සදහන් කරමු.

Related posts

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගයෙන් රට පුරා තරුණයන් කැළඹේ.. ආණ්ඩුවට දැඩි විරෝධය

colombotoday

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

ලේකම්ගේ සාක්ෂියෙන් සියල්ල හෙළි වේ.. අර්ජුන්ගේ නීතීඥයෝ කොමිසමෙන් පැන යයි !

colombotoday

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කෙරේ

colombotoday