Colombo Today Local News

ලෝක පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 04 ක්

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වු පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හදුන්වාදීම වර්තමානයේ සියළුදෙනාගේ ප්‍රධාන වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව් වැනි සැසිවාරයට එක්වෙමින්.

“පරිසර අභියෝග සහ තිරසර පරිභෝජන හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

බෞද්ධයෙකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරීමට පමණක් නොව සමස්තයක් වශයෙන් ලොව සෑම ජිවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටින බවයි සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ගෝලීය පරිසර ගැටළු සඳහා දරිද්‍රතාවය සුවිශේෂි හේතුවක් වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

පාරිසරික හානිය සහ දරිද්‍රතාවය අතර එකිනෙකට සමීප සම්බන්ධතාවක් පවතින බවත්, එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන්කළ නොහැකි සබඳතාවක් බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් යෝජනා 04 ක් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීමද මෙහිදි සිදුකෙරුණා.

කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය හා අපතේයාම කළමනාකරණය, සමුද්‍රික කසල සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික්  කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන කේෂ්ත්‍ර යටතේ මෙම යෝජනා ඉදිරිපත් කිරීමටයි පියවර ගනු ලැබුවේ.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවට එක්ව සිටි අතර ඊට රටවල් 58 ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයින් 5000 කට අධික පිරිසක් සහභාගිවි සිටියා.

Related posts

මහර කැරැල්ල – මියගිය රැඳවියන් ගණන 11දක්වා ඉහළට

colombotoday

ජනාධිපතිවරයා ඉවත් කිරීමට විපක්ෂය පොදු යෝජනාවක් ගෙන ඒමේ සුදානමක… පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday

හකීම්ට එරෙහිව පැමිණිලි කල මිෆ්ලාල් මවුලවි බෙදාහරින ලද අත්පත්‍රිකාවේ අන්තවාදී අදහස් රැසක්

colombotoday

විමල්-ජයන්ත අධිකරණයට භාර වෙයි… අද දුන් තීන්දුව මෙන්න

colombotoday

නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

colombotoday